උගතුන් විසින් කළ යුත්තේ වැටුප් මදි බව කියමින් රට හැරයාම නොව රටේ අනාගතය ගොඩනැගීම සඳහා ඇප කැපවී වැඩ කර රට බාරගැනීමට කටයුතු කිරීම බව කොළඹදී පැවති උත්සවයක් අමතමින් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පැවසීය.
රට ගොඩනැගීමට විදෙස්ගතව සිටින ලාංකිකයන්ට ආරාධනා කරන බවද කී ජනාදිපතිවරයා සැමගේ වගකීම වන්නේ පුද්ගලික ප්රතිලාභ මෙන්ම රටේ උවමනාවද හඳුනාගෙන කටයුතු කිරීම බවද කීය.