Colombo Today Local News

ආදීවාසී නායකයා ඉදිරිපත් කල රිට් පෙත්සම සලකාබැලීමට දින නියම වෙයි

සිය පාරම්පරික නිජබිම් එළිකර බඩඉරිඟු වගාව සඳහා පෞද්ගලික සමාගම් වෙත පවරාදීමට මහවැලි සංවර්ධන අධිකාරිය ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ආදීවාසී නායක ඌරුවරිගේ වන්නියලැ ඇත්තෝ විසින් ඉදිරිපත්කර තිබෙන රිට් පෙත්සම සලකාබැලීම සඳහා සැප්තැම්බර් මස 08 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය දින නියම කළේය.

එම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සෝභිත රාජකරුණා සහ ධම්මික ගණේපොළ යන මහත්වරුන් ඉදිරියේ කැඳවනු ලැබීය.

පෙත්සම්කාර ආදිවාසී නායකයා කියා ඇත්තේ තම නිජබිම් පිහිටි රඹකැන් ඔය ආශ්‍රිතව තිබෙන ඉඩම් එළිකර ඒවා බඩඉරිඟු වගාව සඳහා පෞද්ගලික සමාගම් වෙත පවරාදීමට මහවැලි සංවර්ධන අධිකාරිය තීරණය කර ඇති බවය.

ඒ හේතුවෙන් තම වර්ගයාට දැඩි අසාධාරණයක් සිදුවන බව පෙන්වාදෙන ආදිවාසී නායකයා මේ තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වන බවත් පවසයි.

එබැවින් සිය නිජබිම් පුද්ගලික සමාගම් වෙත පවරාදීමට ගෙන ඇති තීරණය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කර ලෙසත් ආදිවාසී නායකයා අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටී.

Related posts

දේශීය කිරි පැකට්ටුවක මිල ඉහළට

colombotoday

වගා හානි වූ ගොවීන්ට නොමිලේ ඉන්ධන ලබා දීම අරඹයි

Admin

සිමෙන්ති කොට්ටයක් රු. 500කින් ඉහළට

colombotoday

ජනතාවට සහන දෙනවා වැඩී නේද කියා විපක්ෂය අහනවා

Admin

ගෝඨාගේ තීන්දුවට එරෙහිව තේනුවර හා වියන්ගොඩ ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

හෝටලයක සාද දැමූ 52ක් අත්අඩංගුවේ.

colombotoday