Colombo Today Local News

ජනතාවට සහන දෙනවා වැඩී නේද කියා විපක්ෂය අහනවා

ජනතාවට සහන දෙනවා වැඩි නේදැයි විපක්ෂයෙන් අසන බව නියෝජ්‍ය ඇමති රුවන් සෙනරත් මහතා සඳහන් කරයි.

ඉදිරි වසර සඳහා ඉදිරිපත් කරන අයවැය පෙබරවාරි මාසය ඉදිරිපත් කිරීමෙන් පසු ජනතාවට සහන රැසක් දෙන බවත් ඒ මහතා කියා සිටී.

නව ආණ්ඩුව පත් වී ගතවන්නේ ඉතා කෙටි කාලයක් නිසා තවත් සාධාරන කාලයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවද ඒ මහතා කියා සිටියේය.

රන්න ප්‍රදේශයේදී මාධ්‍ය අමතමින් ඔහු මේ අදහස් පළ කළේය.

පවතින සහල් අර්බුදයට දැනටමත් විසඳුම් සකසා ඇතැයි ද පැවසූ ඔහු ජනතාව බඩගින්නේ සිටීදී සහල් සඟවාගෙන සිටින්නේ නම් එය අසාධාරණ බවද කියා සිටියේය.

සහල් නිෂ්පාදකයාටත් ඇති ගැටලු සම්බන්ධයෙන්ද රජය අවධානය යොමු කර ඇති බවත් ඔවුන් සියලු දෙනාටම අසාධාරණයක් නොවන පාරිභෝගියාටත් සාධාරණයක් වන විසදුමක් රජය ලබා දී ඇති බවත් ඒ මහතා තව දුරටත් පැවසුවේය.

Related posts

පැති බැම්මක් නිවසකට කඩා වැටී පුද්ගලයෙක් මරුට

colombotoday

ආචාර්ය ජයසුන්දරට රජයේ සේවකයින්ගේ පඩි කපා දැමීමට කිසිම අයිතියක් නැහැ – හිටපු ඇමති පාඨලී කියයි.

colombotoday

සෙවණගල සීනි කම්හල ඇමති බදියුදීන් යටතට පවරන්නැයි ඉල්ලයි

colombotoday

ඇමති විමලවීර දිසානායකගේ පුස් පාර්ට් එකට විරුද්ධව වනජීවී නිලධාරීන් වර්ජනයක.

colombotoday

පළාත් 6කට නව ආණ්ඩුකාරවරු පත්කෙරේ !

colombotoday

මහේස්ත්‍රාත්වරියකට බරපතළ වැඩ සහිතව සිර දඬුවමක්

Admin