Colombo Today Local News

පුරප්පාඩු දහස් ගණනක්! උපාධිධාරීන් තවමත් මහමග

12743759_1988053034753655_1265508675628678808_n-768x576රැකියා විරහිත උපාධිධාරීන් සියලූ උපාධිධාරීන්ට රැකියා ලබාදෙන ලෙසත් රැකියා ලබාදෙන වාර්ෂික වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් ඉල්ලා කොළඹ ආරම්භ කර ඇති අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට දින 13 ක් ගතවී ඇත.

විශේෂයෙන් 2012 මාර්තු මස 31 දිනෙන් පසු මේ වන වටි උපාධිධාරීන්ට රැකියා ලබාදීමට විධිමත් වැඩපිළිවෙළක් සකස් වී නොමැත.අප සංගමය විසින් පළාත් මට්ටමින් මේ පිළිබඳ සාකච්ඡා පවත්වමින් විවිධ කි්‍රයාමාර්ග ගත්ත ද පැහැදිලි පිළිතුරක් ලැබුණේ නැ. විශේෂයෙන් පළාත් මට්ටමින් පවතින් විශාල ගුරු පුරප්පාඩු ප්‍රමාණයක් ඇති බව මේ වන විට තහවුරු වී ඇත. ඇතැම් පළාත්වල ගුරුවරුන් බඳවා ගැනීම සඳහා විභාග පවා පවත්වා අවුරුද්දක් ඉක්ම ගොස් ඇත. මීට අමතරව ජාතික පාසල්වල පුරප්පාඩු රැසක් පවතී.

මේ අතර රැකියා විරහිත ගැටලූව පිළිබඳව අගමැතිවරයා සාකච්ඡාවක් ලබාදුන් අතර අනතුරුව රැකියා ගැටලූව විසඳීම සඳහා කමිටුවක් ද පත්කරන ලදී. ඒ සම්බන්ධයෙන් ඔබතුමා දැනුවත් ඇතැයි සිතමු. එම කමිටුවේ දී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ පුරප්පාඩු 3500 ක්ද ජාතික පාසල්වල ගුරු පුරප්පාඩු 6200ක්ද වෙනත් අමාත්‍යාංශවල පුරප්පාඩු 2200 ක්ද ඇති බව පවසන ලදී. මීට අමතරව පළාත් පාසල්වල ගුරු පුරප්පාඩු 15000 ක් පමණ ඇති බව තහවුරු විය.

මේ වන විට ජනාධිපතිවරයා, මුදල් අමාත්‍යවරයා, අධ්‍යාපන ඇමතිවරයා මෙන්ම විවිධ ඇමතිවරුන් විවිධ ප්‍රකාශ කරමින් ප්‍රශ්නය කල් යවමින් සිටිනු පෙනේ. මේ පවතින බොහෝමයක් පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් කඩිනම් කරන්නේ නම් ගැටලූවට යම් හෝ විසඳුමක් ලැබේ. නමුත් ගැටලූව විසඳන බවත් පෙනෙන්ට නැත. රැකියා විරහිත ගැටලූව පිළිබඳ සාකච්ඡා ඉල්ලා ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත්, මුදල් අමාත්‍යවරයාටත්, අධ්‍යාපන අමාත්‍යවරයාටත් ලිපි යොමුකිරීමට එම සංගමය පියවර ගෙන ඇත.

Related posts

7 වැනිදා අර්බුදය නොවිසදුනොත් එක්සත් ජාතීන්ගේ මැදිහත්වීමක්… මහ ලේකම් ලංකාවට…

colombotoday

“අගමැතිට එරෙහි විශ්වාසභංගය හඩ අනුව සම්මතවුණා“ – කිරිඇල්ල “ඡන්ද විමසීමක් වුණේ නෑ“ – අනුර යාපා

colombotoday

“ගව ඝාතන තහනමට එරෙහිව මුසම්මිල්ගේ, කබීර් හෂිර්ම්ගේ උවමනාවට වැඩකරන්නේ මලික් සමරවික්‍රමයි” එජාප ප්‍රකාශකයෙක්

colombotoday

ශ්‍රීපාද රක්ෂිතය විනාශයි.. මහා පරිසරප්‍රේමී ජනපති ඔබ කොයිද? – සිංහල රාවය

colombotoday

ඇමරිකාව නැතිව ලංකාවට දියුණු වෙන්න බෑමයි.. අපේ මිතුදමට අකුල් හෙලනු එපා – නි. ඇමති හර්ෂ

colombotoday

කුඩු වික්ක සැකකරුවෙකුගේ කෝටි 10ක වත්කම් විමර්ශන නිලධාරීන් භාරයට

Admin