යුද්ධය පැවති කාල සීමාවේදී ,රට අත්හැර යෑමට බොහෝ දෙනෙකු කටයුතු කලද බෞද්ධ භික්ෂුව සෑම අවස්ථාවකදීම රටත් ජනතාවත් හැර නොගිය බවත් රටේ පාලකයන්ට අවවාද අනුශාසනා කිරීමට උන්වහන්සේලාට සම්පූර්ණ අයිතිය ඇති බව ,හිටපු ආරක්ෂක ලේකම් ,ගෝඨාබය රාජපක්ෂ පවසයි. ඔහු මේ බව කියා සිටියේ , කොට්ටාව ,හෝකන්දර දක්ශිණාරාම විහාරස්ථානයේ පැවති උත්සවයකදීය.
එදා රණවිරුවන්ට ශක්තියක් වූයේ භික්ෂූන් වහන්සේලා බවත් එය කිසි දිනක අමතක නොකල යුතු බවද අතීතයේ සිටම භික්ෂූන් වහන්සේලා රට ජාතිය වෙනුවෙන් පෙනී සිටිය බවත් උන්වහන්සේලා රට වෙනුවෙන් පෙරට ඒම වැළැක්වීමට කිසිවෙකුටත් අයිතියක් නොමැති බවද ගෝඨාබය රාජපක්ෂ මහතා එහිදී වැඩිදුරටත් පැවසුවා.