මේ පසුබිම මැද මේජර් ජෙනරාල් චාගී ගාල්ලගේ මුහුණපා තත්ත්වය ලෙස විමර්ශනය කළ යුතුය. 2010 නොවැම්බර් මස යුරෝපා ටැග් නමැති ඊළම් සංවිධානයේ ක්‍රියාකාරිනී ජානී ජනනායගම් ලන්ඩනයේ නෝර්හේසර් මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත පෙත්සමක් ගොනු කරමින් මේජර් ජෙනරාල් චාගී ගාල්ලගේ අත්අඩංගුවට ගන්නැයි ඉල්ලීමක් කරනු ලැබීය. එහෙත් චාගී ගාල්ලගේ ඒ වනවිට ලන්ඩන් නුවරින් ශ්‍රී ලංකාවට පැමිණෙන යානාවක අසුන්ගෙ සිටියේය. චාගී ලන්ඩන් වෙත ගියේ හිටපු ජනාධිපතිගේ ආරක්‍ෂක බලධාරියා ලෙසිනි.
2010 නොවැම්බර් මස බ්‍රිතාන්‍ය කොටි ජාලය වන්නි මෙහෙයුමේ යුද වීරයකු වූ චාගි ගාල්ලගේ යුද අපරාධ සිදු කළ බව කියමින් බ්‍රිතාන්‍ය අධිකරණය වෙත පෙත්සමක් ගොනු කරනු ලැබීය.
මෙම පෙත්සම යටතේ විශ්ව අධිකරණ ප්‍රඥපත්තිය මත ගාල්ලගේ අත්ඩංගුවට ගත යුතු යෑයි ඉල්ලීමක් කෙරුණි. පසුගිය 12 වැනිදා විදේශ ඇමැති මංගල සමරවීර යාපනයේ පැවැති සංහිඳියාවට අදාළ වෙබ් අඩවියක් විවෘත කිරීමේ උත්සවයට සහභාගි විය. ඊට චාගි ගාල්ලගේද සහභාගි වුණි.
මේ අවස්‌ථාවේ කෝපායිsහි පිහිටි 51 වැනි බලකායේ ප්‍රධානියා වූ මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ සංහිඳියාවට අදාළ කාර්යසාධක බලකාය සඳහා හමුදා නියෝජිතයකු පත් කළ යුතු යෑයි පවසා ඇත. එහෙත්a එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප විය. මේ කාර්ය සාධක බලකාය පත්කර තිබූ පිරිසගෙන් දෙදෙනෙක් නෝර්වේහි නෝරාඩ් සංවිධානයෙන් විශාල ලෙස අරමුදල් ලබාගෙන තිබිණි. තවත් කාන්තාවක් අත්අඩංගුවේ සිටින හිටපු කොටි ක්‍රියාකාරීන් මුදාගත යුතු බවට ප්‍රකාශ නිකුත් කළ තැනැත්තියකි.
මේ සිදුවීමෙන් පසු 51 වැනි බලකායේ ප්‍රධානියාවූ මේජර් ජෙනරාල් චාගී ගාල්ලගේ කොළඹට මාරු කෙරුණි. ඒ වෙනුවෙන් බ්‍රිගේඩියර් මර්වින් පෙරේරා පත් කෙරුණි. ඔහු ඉංජිනේරු අංශයේ නිලධාරියෙක් බව අනාවරණය වේ.
සංහිඳියාව පිළිබඳ වෙබ් අඩවිය විවෘත කිරීමේ උත්සවයට උතුරු මහ ඇමැති විග්නේශ්වරන් පැමිණ සිටියේ නැත. මේජර් ජෙනරාල් ගාල්ලගේ මෙම ඉල්ලීම කරන අවස්‌ථාවේ මාණ්‌ඩලික ප්‍රධානි කෝලිත ගුණතිලක, ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්‌ටිආරච්චි ඇතුළු නිලධාරීන් ද සිටි බව හෙළි විය. ගජබා රෙජිමේන්තුව සම්බන්ධ මේජර් ජෙනරාල් ගාල්ලගේට 2018 අගෝස්‌තු 31 දාට වයස 55 සපිරේ. වන්නි මෙහෙයුම සමයේ කොමාන්ඩෝ බලකායක් මෙහෙය වූ ගාල්ලගේ මෙන්ම වන්නි යුද වීරයකු වූ ජගත් ඩයස් ද ගජබා රෙජිමේන්තුවේ නිලධාරියකි. ජර්මානු කොටි ජාලය ඔහුටද යුද අපරාධ චෝදනා ඉදිරිපත් කරනු ලැබීය. ජගත් ඩයස් පසුගියදා විශ්‍රාම ගිය අතර ඔහුට තානාපති සේවයේ ධුරයක් හිමි වූයේ නැත. එහෙත් ශ්‍රී ලංකාව පාවා දුන් ජුqද්‍රdස් යන නමින් හඳුන්වන හිටපු මේජර් ජනරාල්වරයකුට තානාපති සේවයේ ධුරයක් හිමි විය. මේ පසුබිම මැද මේජර් ජෙනරාල් චාගී ගාල්ලගේ මුහුණපා තත්ත්වය ලෙස විමර්ශනය කළ යුතුය. 2010 නොවැම්බර් මස යුරෝපා ටැග් නමැති ඊළම් සංවිධානයේ ක්‍රියාකාරිනී ජානීa ජනනායගම් ලන්ඩනයේ නෝර්හේසර් මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත පෙත්සමක් ගොනු කරමින් මේජර් ජෙනරාල් චාගී ගාල්ලගේ අත්අඩංගුවට ගන්නැයි ඉල්ලීමක් කරනු ලැබීය. එහෙත් චාගී ගාල්ලගේ ඒ වනවිට ලන්ඩන් නුවරින් ශ්‍රී ලංකාවට පැමිණෙන යානාවක අසුන්ගෙ සිටියේය. චාගී ලන්ඩන් වෙත ගියේ හිටපු ජනාධිපතිගේ ආරක්‍ෂක බලධාරියා ලෙසිනි.
කෙසේ වෙතත් චාගී ගාල්ලගේ ශ්‍රී ලංකා ගුවන් සේවාවේ යානාවකින් කොළඹට පැමිණියේය. මෙම මේජර් ජෙනරාල් වරයා තොප්පිගල මෙහෙයුම සමයේa කර්නල්වරයෙකි. තොප්පිගල අල්ලා ගැනීම සඳහා කමාන්ඩෝ බලකාය හා පාබල හමුදාව මෙහෙය වූයේ ඔහුයි.
පසුව විශේෂ කාර්ය සාධක බලකායේ අණදෙන නිලධාරියා ලෙස පත් වූ ගාල්ලගේ පසුව මුලතිව්හි ඒකරාශි වී සිටි කොටි ත්‍රස්‌තයන්ව කොටු කිරීමට ක්‍රියා කළේය. වන්නි මෙහෙයුමේ අවසාන දිනවල මුලතිව්හි කොටුවී සිටි කොටි ත්‍රස්‌තයන් කොටු කිරීමට චාගී ගාල්ලගේ ගේ කමාන්ඩෝ බලකාය කටයුතු නොකළේ නම් ප්‍රභාකරන් ඇතුළු කොටි හමුදා නායකයන්ට පැන යැමට හැකියාව තිබුණි.
වන්නි මෙහෙයුමට සම්බන්ධ හමුදා නායකත්වයට මෙයට පෙර ද චෝදනාවක් එල්ල වූයේ හමුදාපතිවරයාගෙන් අවසර නොගෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කිරීම නිසාය. මෙහිදී නැගෙන ප්‍රශ්නය නම් ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් හමුදා නිලධාරීයකුට සමුළුවකදී ප්‍රශ්නයක් ඉදිරිපත් කළ නොහැකිද යන්නයි.
ඉරාක යුද්ධ මෙහෙයුම සම්බන්ධයෙන් හිටපු බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර් තීන්දුවක් ගත් අවස්‌ථාවේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් කීපදෙනෙකු ඊට විරෝධය පා එම යුද මෙහෙයුම නතර කරන ලෙස ඉල්ලා සිටි බව ගාඩියන් පුවත්පත වරක් හෙළි කළේය. එහෙත් එම ඉල්ලීම කළ හමුදා නිලධාරීන් මාරුවීම්වලට ලක් වූයේ නැත.
එහෙත් මේජර් ජෙනරාල් සී. වී. ගාල්ලගේ නැඟූ ප්‍රශ්නයක් ඇසීමෙන් පසු කොළඹට මාරුවීමක් ලැබිණි. මේ හමුදා නීතිය ශ්‍රී ලංකා හමුදාව පාවා දුන් ජුදාස්‌ට බලපාන්නේ නැද්ද?
ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව සාවද්‍ය යුද අපරාධ චෝදනා සහිත දිවුරුම් ප්‍රකාශයක් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට ලබා දුන්නේය. එහෙත් ඔහුට එරෙහිව කිසිදු පියවරක් මෙතෙක් ගෙන නැත.
*කීර්ති වර්ණකුලසූරිය