ඇෆ්ලටෝෆ්සින් අඩංගු බඩඉරිඟු ඇට බහාලුම් 15 ක් වෙළෙඳපොළට නිකුත් කිරීම අත්හිටුවා තිබේ.
ඒ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර හා පාලන ඒකකය විසින් එහි සාම්පල් පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි.
මේ වනවිට ඒවා ආනයනය කළ පුද්ගලයාගේ ගබඩාවේ තැන්පත් කර ඇත.
එම බඩඉරිඟු ඇට ආනයනය කර තිබෙන්නේ පකිස්ථානයෙන් ය.
එහි දිලීර ඇති බවට ද අනාවරණ වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙකු සඳහන් කරයි.
ඒවා විනාශ කර දැමීම සඳහා අධිකරණ නියෝගයක් ලබාගෙන තිබේ.