හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි මැතිවණයේදී ශ්‍රීලනිපයට නායකත්වය දුනහොත් පක්ෂය අන්ත පරාජයකට ලක්වන බව ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.
එමෙන්ම පක්ෂයේ සියලුම ජ්‍යේෂ්ඨයන් මහින්ද මහතාට ආදර කරන බවත් ඔහු පක්ෂයෙන් නෙරපීමට ඔවුන් කිසි දිනක කටයුතු නොකරන බවත් දිසානායක මහතා පවසයි. ශ්රීලනිපය පක්ෂය දිනවිය හැක්කේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පමණක් බැවින් හිටපු ජනාධිපතිවරයා කළ යුත්තේ ඊට සහය දීම බවද ඇමතිවරයා සඳහන් කර සිටියේය.