Colombo Today Local News

කැබ් රථයක් ප්‍රපාතයකට කරනම් ගහයි

ඌවපරණගම අඹගස්දෝව ප්‍රදේශයේ දී ඊයේ 12 රාත්‍රී කැබ් රථයක් පාරෙන් ඉවතට පැන අඩි 22 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් පුද්ගලයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වූ බව ඌවපරණගම පොලීසිය කියයි.

අඹගස්දෝව සිට ගලහගම දෙසට ධාවනය වෙමින් තිබියදී මෙම කැබ් රථය පාරෙන් ඉවතට පැන පෙරළී අනතුර සිදුවී තිබේ.

මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ ගලහගම පදිංචිව සිටි ආර් ඩී මධුශංක සහ ඩී එම් ක්‍රිශාන්ත සනත් යන දෙදෙනාය.

මෙම කැබ් රථය පැදවූ රියදුරු තුවාල ලබා ඌවපරණගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහලට මාරු කර යවා තිබේ.

ඌවපරණගම පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Related posts

මිනුවන්ගොඩ ඝාතන සිදු කළ ප්‍රධාන වෙඩික්කරු අල්ලයි

Admin

තායිලන්තයෙන් ගෑස් මිලදී ගන්න කැබිනට් අනුමැතිය ලැබෙයි

colombotoday

කොළඹ නගරයට විදුලි බස් රථ

colombotoday

ජාතිවාදී ආණ්ඩුව භූමිදානය කරන්න දෙන්නේ නෑ. වැළලීම වෙනුවෙන් මෙවර නලින් බණ්ඩාර

colombotoday

හෙට තරගයේ ටිකට් සියල්ල විකිණී අවසන්.. දොරටුවෙන් ටිකට් නෑ

colombotoday

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටකල පිරිසට වැඩවරදී

Admin