Colombo Today Local News

පළාත් සභා ඡන්දය කඩිනමින් පවත්වන්න – ජනපතිගෙන් උපදෙස්

පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත හෝ එහි ඇති ව්‍යාකූලතා හෝ ඉවත් කර මැතිවරණය කඩිනමින් පැවැත්වීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ පාර්ශවයන්ට උපදෙස් ලබා දී තිබේ.

මහජන නියෝජිතයින් නොමැතිව දැනටමත් පළාත් සභාව ක්‍රියාත්මක වන අතර එම තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කර කඩිනමින් මැතිවරණය පැවැත්විය යුතු බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පළාත් සභා සංසදය සමඟ ඊයේ (12)දින පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම අදහස් පළ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,

“ව්‍යවස්ථාව තුළ පළාත් සභාව ක්‍රියාත්මක වෙනවා. යම් වෙනස් වීම් අවශ්‍ය නම් ව්‍යවස්ථාව තුළින් යම් සංශෝධනයක් ගේන්න ඕනේ. ඒක තියෙන කල් ඒ ව්‍යවස්ථාවට අනුව පළාත් සභා පැවැත්විය යුතුයි. මැතිවරණ කොමිසම මාව හමුවුණා. මම ඒ අයට පැවසුවේ තමුන්ගේ රාජකාරිය හැටියට මැතිවරණ පවත්වන්න කියලා.“

Related posts

ඥාණසාර හිමි ඝාතන තැතක්..! පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කරයි

colombotoday

සේවකයන්ගේ අවම වේතනය පනතට කතානායක අත්සන තබයි

colombotoday

“හොඳින් ඉවර කරගන්න බැරි වුණා. මට කියන්න වෙන ලොකුදෙයක් නැහැ.” – පරාජය ගැන කුසල් කියයි

Admin

මහනුවරින් පළමු තැන දිලුම්ට

colombotoday

බල්ගේරියා තානාපතිනී එලේනෝරා ඩිමිට්‍රෝවා ලංකාවට සමු දෙයි

Admin

IOC විදුලිබල මණ්ඩලයට ඉන්ධන සැපයීම ප්‍රතික්ෂේප කරයි

colombotoday