Colombo Today Local News

පරීක්ෂණ මට්ටමේ පවතින කොවිඩ් මර්දන කරල් ගෙන්වීමට නිර්දේශ ඉල්ලයි

කොවිඩ් මර්දනය සඳහා හඳුන්වාදී ඇති ඖෂධ කරල මෙරට භාවිතය සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, ඊට අවශ්‍ය නිර්දේශ ලබාදෙන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් ද කර තිබෙන බවය.

“ම(ර්)ක් කියන ඖෂධ නිෂ්පාදන සමාගම කොවිඩ් රෝගය සඳහා කරලක් නිෂ්පාදනය කරලා තියෙනවා. මොල්නුපිරවියා (molnupiravir) නමින් හඳුන්වන. කොවිඩ් -19 රෝගය මර්දනය සඳහා ලෝකයේ රටවල් ගණනාවක් මෙම කරල යොදාගැනීම සඳහා අවධානය යොමුකර තිබෙනවා. ඖෂධ නිෂ්පාදන හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය ලෙස අපි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කළා මේ සම්බන්ධයෙන් විශේෂඥ කමිටුවේ අදහස විමසලා මෙය අපේ රටට ගෙනඒම අවශ්‍ය ද?, ගේනවා නම් මොන දිනවලද ගේන්න ඕන, මොන ප්‍රමාණවලින් ද කියන එක ගැන අපිට නිර්දේශ ලබාදෙන්න කියලා.”

මෙම ඖෂධ කරල මේ වනවිට පරීක්ෂණ මට්ටමේ පවතී. නමුත් විශේෂඥයින් පවසන්නේ එහි මූලික ප්‍රතිඵල සාර්ථක බවය.

එහි නිවැරදි මාත්‍රාව ලබාදුන් විට කොවිඩ් වැලඳී ඇති බවට හඳුනාගත් පුද්ගලයින්ව රෝහල්ගත කිරීම සහ මරණ අඩකින් පමණ අඩුකර ගත හැකි බව සඳහන් වෙයි.

එහිදී සිදුවන්නේ මෙම ඖෂධය මිනිස් සෛල තුළදී කොරෝනා වෛරසය අනුකරණය කරමින් කොරෝනා වෛරසය විනාශ කිරීමය.

වෛද්‍ය විශේෂඥයින් පවසන්නේ මෙම ඖෂධ කරල සාර්ථක වුවහොත් කොරෝනාවට එරෙහි සටන සාර්ථක කරගත හැකි බවය.

ම(ර්)ක් සමාගම පැවසුවේ ඔස්ට්‍රේලියාව, දකුණු කොරියාව සහ මැලේසියාව ඇතුළු රටවල් රැසක් මේ වනවිට එම ඖෂධ කරල සඳහා ඇණවුම් ලබාදී ඇති බවය.

මේ අතර ෆයිසර් එන්නත සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා වැඩිදුරටත් සඳහන් කළේ,

“ෆයිසර් ඇරෙන්න සියලුම එන්නත් මේ වනවිට අපේ රටට ගෙනල්ලා ඉවරයි. අපිට ඉදිරියේදී ෆයිසර් එන්නත පමණයි ලැබෙන්න තියෙන්නේ. තවත් ෆයිසර් මිලියන 14.5ක් ඉදිරියේදී ලබාගන්න බලාපොරොත්තුවෙනවා. දැනට තියෙන තීරණය තමයි අවුරුදු 20ට වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නතක් හැටියට ෆසියර් එන්නත ලබාදෙන්න ඕනේ කියන එක. ඒ සඳහා අවශ්‍ය ඇණවුම් කටයුතු තමයි අපි මේ සිදුකරලා තියෙන්නේ. කල්ඉකුත් වූ එන්නත් ගෙනල්ලා ගහන්න ඕනකමක් නෑ.”

Related posts

පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වීම භාරදෙයි

colombotoday

නිවසට කඩා වැටුණු පස් කන්ද එකම පවුලේ සිව්දෙනාම බිලි ගනී

colombotoday

මාගම්පුර නටපු නැටුමට ජැක්සනුත් ළඟදීම FCID යට !

colombotoday

ගංජා කිලෝ 1,481ක් ආයුර්වේද සංස්ථාවට

colombotoday

වල් ඌරන් දඩයමට ඇඳ තිබූ විදුලි රැහැනක පැටලී මවක් මිය යයි – දරු දෙදෙනාත් රෝහලේ

Admin

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින් ගැන දැනුම්දීමක්

Admin