Colombo Today Local News

පිළිකා සෛල විනාශ කරන පෝෂක ඖෂධයක් ළගදීම වෙළෙදපොළට

පිළිකා සෛල විනාශ කළ හැකි පෝෂක ඖෂධ කීපයක් ළගදීම වෙළෙදපොළට නිකුත් කරන බව කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන, අණුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ ආචාර්ය සමීර ආර්. සමරකෝන් මහතා පවසයි.

ඉහළ කීර්තිබ්නාමයක් හිමි කරගෙන ඇති ඖෂධීය තේ නිෂ්පාදිත සමාගමක් හා එක්ව මෙම පෝෂක ඖෂධ වෙළෙදපොළට නිකුත් කිරීමට ගිවිසුම් අත්සන් තැබූ බව ඔහු පවසයි.

ස්වාභාවික ඖෂධවලින් ප්‍රති පිළිකාකාරක සෙවීම සදහා වසර ගණනාවක් තිස්සේ පර්යේෂණවල නියැළීමේ ප්‍රතිඵලයක් ලෙස මෙය නිපදවීමට හැකියාව ලැබී ඇති අතර පිළිකාවලින් පෙලෙන සහ ඉදිරියේදී පිළිකා ඇතිවීමට අවදානමක් ඇති පිරිස් සදහා භාවිතයට ගත හැකි වන පරිදි මෙම පෝෂක ඖෂධය නිපදවා තිබේ.

“අපි වසර ගණනාවක් තිස්සේ ප්‍රති පිළිකාකාරක සෙවීමේ පර්යේෂණවල නිතරව සිටිනවා. ඒ අනුව ස්වාභාවික ආහාරවර්ග අලලා සිදුකළ පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස මෙම පෝෂක ඖෂධ සොයාගැනීමට අපට හැකිවුණා. එමෙන්ම එම ඖෂධ උපයෝගීකරගෙන සිදුකළ පර්යේෂණවල සාර්ථක ප්‍රතිඵල ලැබී තිබෙනවා. ඒ අනුව මෙම පෝෂක ඖෂධ සුවහසක් පිළිකා රෝගීන් වෙනුවෙන් වෙළෙදපොළට රැගෙන ඒමට අපට හැකිවුණා.

මෙම පෝෂක ඖෂධ මගින් පිළිකා රෝගීන්ගේ ජිවන මට්ටම ඉහළින් පවත්වා ගැනීමට සහ පිළිකා සෛලවල සිදුවන සීග්‍ර වර්ධනය යම් පමණින් හෝ අඩාල කිරීමට හැකියාව තියෙනවා. “ යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Related posts

ත්‍රස්තවාදයට ඍජු සම්බන්ධතාවක් ඇති බවට සාක්ෂි නැති නිසයි බදියුදීන්ගේ සොහොයුරා නිදහස් කලේ : චමල් පාර්ලිමේන්තුවේ දී පහදයි

colombotoday

ජනතාව හාල්, අල, ලූණු, පරිප්පු පරිභෝජනය කරන බව අමතක කල 2019 අයවැය ගල් අරක්කු අයවැයක්!

colombotoday

කිරිපිටි කියා නවසීලන්තයෙන් ගෙන්වන්නේ රසායනික කුඩක්… ඌරු තෙල්, කටු පොල් තෙලුත් අඩංගුයි…

colombotoday

සොරා ගත් ‘සඳගල’ පුරාවිද්‍යා ස්මාරකය සොයා මෙහෙයුම් අරඹ‍යි

Admin

නව ව්‍යවස්ථාවක් ඕන

Admin

මහින්දානන්ද – වෙල්ගම ශ්‍රීලනිප ආසන සංවිධායක ධුරවලින් ඉවතට !

colombotoday