බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන රාවනා බලය සංවිධානයේ ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි මුණගැසීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා වැලිකඩ බන්ධනාගාර රෝහලට අද (20) පැමිණ තිබෙනවා.
මෙහිදී බොදු බල සේනා සංවිධානයේ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥණසාර හිමි ද හමු වී සුවදුක් විමසූ බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් බොදු බල සේනා සංවිධානය ආරම්භයත් සමගම බොදු බල සේනාව ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ලෙස දිගින් දිගටම විවේචනය කිරීමට විරවංශ මහතා කටයුතු කල අතර රාවනා බලය සංවිධානය ආරම්බය සිදුවන්නේද විරවංශ මහතාගේ මුලිකත්වයෙන් බවයි එකල චෝදනා එල්ල වුණේ