Colombo Today Local News

අගමැති ගැන වෛද්‍ය මතය කියයි! ඇහුන්කම්දීමේ, නම්‍යශීලීභාවයේ, නායකත්ව ගුණාගංවල දෝෂ තියනවලු

agamathi 54121frr

ඇහුම්කන් දීම, නම්‍යශීලී භාවය සහ නායකත්වයේ ගුණාංග අතින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තුළ දුර්වලතා පවතින බව විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ පසු ගිය දිනවල අගමැතිවරයා රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය පිළිබඳව කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි.

‘වෘත්තියෙන් මම ස්නායු වෛද්‍යවරයෙක්. මට පේන හැටියට එතුමාගේ ඇහුන්කන් දීමේ, නම්‍යශීලී භාවයේ සහ නායකත්ව ගුණාංගවල ප්‍රශ්න කිහිපයක් තියෙනවා.’

මුද්‍රණ දෝෂයක්’

පොතක තිබෙන මුද්‍රණ දෝෂයක් ගැන සොයා බැලීමට රහස් පොලිසිය යෙදවූ අතීතයක් පිළිබඳව මීට පෙර අසා නැති බව විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පැවසිය.

‘මේකෙදි අපිට පේනවා නිකං කරදර කිරීම් වගේ දේවල් වලින් යම්කිසි විදිහක තෘප්තියක් ලබන ආකාරයක්. මේක අවාසනාවන්ත තත්වයක්’ ඔහු කියා සිටියේය.

අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් කළ ඉල්ලීමක් මත එම පරීක්ෂණය සිදු කරන බව, වෛද්‍යවරුන්ගෙන් කට උත්තර ලබා ගැනීමට පැමිණි රහස් පොලිස් නිලධාරීන් ප්‍රකාශ කළැයි රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ සභාපතිවරයා පැවසිය.

‘සම්පූර්ණයෙන්ම අසත්‍යයි’

කෙසේ නමුත් අග්‍රාමාත්‍යවරයා පවසන්නේ මෙම චෝදනා අසත්‍ය බවයි.

‘වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මට විරුද්ධව චෝදනාවක් කර තිබෙනවා. ඔවුන්ගේ කටයුතු පිළිබඳව සෙවීමට රහස් පොලිසිය යෙදවූවාය යන්න එම චෝදනාවයි. මාධ්‍ය කීපයකුත් මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා කර තිබුණා. මොවුන් නගන චෝදනාව සම්පූර්ණයෙන්ම අසත්‍යයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට විරුද්ධව පොලිසියට විශේෂ පැමිණිල්ලක් කර තිබෙනවා. පොලිසිය එම පැමිණිල්ල විභාග කර තිබෙනවා. අපි පොලිසියට බලපෑම් කරන්නේ නැහැ’ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය හිටපු ජනපති ‘මහින්ද රාජපක්‍ෂ පසුපස යන සංගමයක්’ බවට අගමැතිවරයා කළ ප්‍රකාශය විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ප්‍රතික්‍ෂේප කරයි.

(බිබිසි සංදේශය)

Related posts

රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 4ක් මරුට

Admin

රට විරුවන්ගේ තීරු බදු සහන සහිත විදුලි වාහන නිදහස් කිරීම අරඹයි

Admin

නොරොච්චෝලේ ඉදිකිරිම් ප්‍රමාදයෙන් ලංවිම දෛනික පාඩුව රු.මිලියන 250

colombotoday

“බොදු උරුමය බෞද්ධයන්ගෙන් වෙන් නොකරනු” – ශ්‍රීපාදය අඹගමුවෙන් වෙන් කිරීමට එරෙහිව විරෝධතා

colombotoday

විශ්ව විද්‍යාල 18 කින් එක රටක් එක නීතියක් බලකායට යෝජනා ලබා දෙති.

colombotoday

ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ ආදාහනය කිරීමට ඉස්ලාම් ආගම හරස් වේ. ඊයේ මියගිය මුස්ලිම් ජාතිකයා ආදාහනය කිරීමට විරෝධයක්

colombotoday