Colombo Today Local News

13 සංශෝධනය හෝ ඉන්දු ලංකා ගිවිසුම වෙනස් කරන්නේ නෑ..

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය හෝ ඉන්දු ලංකා ගිවිසුම පිළිබඳව වෙනසක් සිදුනොකරන බව අධිකරණ ඇමැති සබ්රි මහතා සඳහන් කරයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම රටේ අභ්‍යන්තර කටයුත්තක් යයිද පවසන ඔහු දහතුන්වන සංශෝධනය ගැන අනවශ්‍ය සැලකිලිමත් වීමක් නැති බවද පවසයි.

මෙරට නීති ක්‍රියාවලියේ දී සිදුවන කාලය නාස්ති වීම ගැන අදහස් පළ කළ ඔහු නීති පද්ධතියේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට උපායමාර්ගයන් ගැන සලකා බලමින් සිටින බවද සඳහන් කළේය.

රූපවාහිනී නාලිකාවක් සමග පැවති අදහස් දැක්වීමකදී ඔහු මෙම අදහස් පල කලේය.

Related posts

මහ කන්නයට යුරියා පොහොර බෙදාහැරීම අද සිට

Admin

ඇමති මංගලගේ ගෝලයෝ සිරසට සහ මව්බිමට කඩා පනිති. ජවිපෙ සාමාජිකයෝත් ඒ අතර

colombotoday

ජනපති මංගලගේ කෑල්ලක් ගලවයි.. රූපවාහිනිය, ගුවන්විදුලිය පවරා ගැනීමට සූදානම්

colombotoday

දෙවන විශ්වාසභාංගයත් ජනපති විසි කරයි…. විධිමත් ක්‍රමයට කරන්නැයි දන්වයි…

colombotoday

පුද්ගලයෙකු ඝාතනය කළ සිව්දෙනෙකුට මරණ දඬුවම

Admin

හරක් කටාගේ ටෙලිෆෝන් බැලුවොත් පොලිසියේ රාජකාරි මට්ටම පෙනෙයි

Admin