Colombo Today Local News

අධිකරණ අමාත්‍යාංශයේ රැකියා දෙන බවට පුද්ගලයින් රවටා කළ ජාවාරමක් හෙළිවේ

අධිකරණ අමාත්‍යාංයෙහි විවිධ රැකියා ලබා දෙන පවසමින් මුදල් ලබා ගනිමින් පුද්ගලයින් රවටා සිදුකරන ලද ජාවාරම් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.

තරුණ තරුණියන් විශාල පිරිසක් ව්‍යාජ සම්මුඛ පරීක්ෂණ ලිපි පත්වීම් ලිපි සමඟින් අධිකරණ අමාත්‍යාංශයට පැමිණි අවස්ථාවේ දී එම ජාවාරම පිළිබඳ අනාවරණය වී ඇත.

අද (30)දින සහ මීට පෙර දින කිහිපයක දී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඔවුන් පැමිණ තිබූ බව අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඔවුන් අම්පාර, මීගමුව, දංකොටුව, ගල්කිස්ස ආදී විවිධ ප්‍රදේශවලින් පැමිණ ඇති අතර සම්මුඛ පරීක්ෂණ ලිපි ව්‍යාජ බවට ඔවුන් දැනගනු ලබන්නේ ද අමාත්‍යාංශයට පැමිණි අවස්ථාවේදීය.

ඔවුන්ගෙන් රු.17,500 සිට රු 185,000 දක්වා මුදල් ලබා ගෙන තිබූ අතර මුදල් ලබා දී තිබූ බවට වූ බැංකු රිසිට්පත් ද ඔවුන් සතුව තිබුණු බව අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම පුද්ගලයා ‘සමන්ත‘ යන නමින් පෙනී සිට ඇති අතර ඔහු සමඟ මෙම පුද්ගලයින් දුරකථන ඔස්සේ සම්බන්ධ වී මුදල් ලබා දී තිබේ.

තරුණ තරුණියන් 45දෙනෙකු පමණ මේ වන විට ඔහුට මුදල් ලබා දී ඇතැයි ද අමාත්‍යාංශය සඳහන් කරයි.

අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස උපදෙස් ලබා දී ඇත.

Related posts

නිශ්චිත කෝටාවකට යටත්ව නැවත වාහන ආනයනයට ඉඩ

colombotoday

මිනිස්සු දැන් නිදහසේ ටිකක් නිදා නිදාගන්න හුස්ම ගන්න කැමති.. අරගල තිත්ත වෙලා

Admin

මරාගෙන මැරෙන ප්‍රහාර 20ක් සහරාන්ගේ කණ්ඩායම සැලසුම් කරලා – පාස්කු කොමිසමේදී හෙළිවේ

colombotoday

විදුලි විසන්ධිය හමුවේ අන්තර්ජාල සේවා සැපයුමටත් බාධා…

colombotoday

මහින්දගේ දේශපාලන වයපරයත් එක්ක හැප්පෙනවා බොරු – 2020 ගෝඨා ජනාධිපතිවීම නියතයි – නිර්මාල්

colombotoday

ලාබාලතම ලේඛකයා ලෙස ගිනස් ලෝක වාර්තාවේ නම තැබූ ලංකාවේ තනුක

colombotoday