හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ (19) කොළඹ පුද්ගලික රෝහලකට ඇතුළත් කල සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා, වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පුරුවට රැගෙන ගිය බව ඇමතිවරයාගේ මාධ්‍ය ලේකම් නිපුන් ඒකනායක මහතා පැවසිය.
ඇමතිවරයා හදවත් රෝගී තත්ත්වයකින් පෙළෙන බව සඳහන් ය.
ඇමතිවරයාට තද බල අසනීපයක් නැති බවත්, ඇමතිවරයාට අසාධ්‍ය බවට පැතිරයන කටකතා සත්‍යය නොවන බවත් නිපුන් ඒකනායක මහතා කියා සිටියේය.
යුරෝපා සංචාරයක යෙදී සිටින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව දැනගත් සැණින් සේනාරත්න මහතාට අවශ්‍ය සෑම ප්‍රතිකාර කටයුත්තක් සඳහාම කටයුතු යොදන ලෙස දන්වා ඇත.
ඇමැතිවරයා බැලීමට ඊයේ ඉඩදී තිබුනේ ඔහුගේ පවුලේ අයට පමණි.