World

කෘතීම ඥානය සහිත ලොවට අභියෝගයක් වියහැකි අලුත්ම ප්‍රහාරක යානයක්

ඉතාලිය, ජපානය සහ බ්‍රිතාන්‍ය එක්වී අලුත්ම ප්‍රහාරක ගුවන් යානයක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කරයි.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ජපානය, අමෙරිකාවෙන් බාහිර රටක් සමග එක්වී සිදුකරන පළමු ආරක්ෂක උපාංග නිෂ්පාදනය ව්‍යාපෘතිය මෙය ලෙස සැලකෙයි.

Tempest ලෙස නම්කර ඇති එම ව්‍යාපෘති ඔස්සේ 2035 වනවිට අලුත්ම ප්‍රහාරක යානයක් නිර්මාණය කිරීමට සැලසුම් කර තිබේ.

බ්‍රිතාන්‍යයේ “BAE Systems PLC”, ජපානයේ “Mitsubishi Heavy Industries” සහ ඉතාලියේ “Leonardo” සමාගම් එම යානය නිර්මාණය සඳහා එක්වී තිබේ.

ඇති දියුණුම ඩිජිටල් තාක්ෂණය, කෘතීම ඥානය සහ සයිබර් යුද්ධය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම වැනි හැකියාවන් එම යානයට ඇතුළත් කෙරේ.

විශේෂයෙන් ම රුසියාව සහ චීනය යුද ශක්තිය ප්‍රවර්ධනයට ගන්නා ක්‍රියාමාර්ග සඳහා සූදානම් වීමේ පියවරක් ලෙස ජපානය, ඉතාලිය සහ බ්‍රිතාන්‍ය මෙම පියවර ගන්නා බව විචාරකයෝ පවසති.

Related posts

ට්විටර් සමාගම ගෙවිම් නොකළ ගිණුම්වලින් සිය සත්‍යාපන ලාංඡනය ඉවත් කරයි

Admin

ඉරාක පාර්ලිමේන්තුව විරෝධතාකරුවෝ අත් පත් කර ගනී

colombotoday

මාලදිවයිනේ විදේශිකයන් ඉලක්ක කර ඉස්ලාමික රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරයක්

colombotoday

අධිබලැති හයිඩ්‍රජන් බෝම්බයක් අත්හදා බැලූ බව උතුරු කොරියාව නිවේදනය කරයි

colombotoday

සංගීත කලාවේ රජු බොබ් මාලිගේ මුණුපුරා දිවියෙන් සමුගනී

Admin

ඉන්දු – පාකිස්තාන් යුද්ධය ඇරඹෙයි

Admin