Colombo Today Local News

බෙංගාල බොක්කේ පැවති පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි

ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති අතර, ‘මෑන් ඩුවෝස්’ නම් එම සුළි කුණාටුව හෙට (9)දිනය වනවිට තමිල්නාඩු පුදුචෙරි සහ දකුණු ආන්ද්‍රා ප්‍රදේශ වෙරළ තීරය හරහා ගමන් කරනු ඇතැයි ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි බලපෑමෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතින අතර, උතුරු, උතුරුමැද හා නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හා තද සුළං ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව කියයි.

උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

බස්නාහිර පළාතේ සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවලත්, නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේත් නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම්දීමක් කරයි.

Related posts

2018 අපේක්ෂිත ආර්ථික වර්ධන වේගය අහලකටවත් එන්න බැරිවුණා… විදේශ සංචිත ඉතිරිව ඇත්තේ තව මාස 4කට පමණයි…

colombotoday

කොළඹ වරායට අදානි පැමිණීම අතිශය වැදගත්

Admin

ජල විදුලි උත්පාදනයට ප්‍රමාණවත් ජලය නැහැ – මහවැලි අධිකාරිය

Admin

බොදු බල සේනා මාතලේ දිස්ත්‍රික් සමුළුව හෙට නාඋලදී – පක්ෂ විපක්ෂ දේශපාලකයෝ කඩාකප්පල් කිරීමේ මෙහෙයුමක

colombotoday

මධ්‍යම සභාවේ බල පෙරළියක්.. ඇමතිකමෙන් ඉල්ලා අස්වූ ප්‍රමිත 11ක් සමග ස්වාධීන වෙයි

colombotoday

ආණ්ඩුව අපේ සාමාජිකයින්ව සල්ලිදීලා ගන්න හදනවා – දෙමළ ප‍්‍රගතිශීලි සන්ධානයේ ගනේෂන් කියයි

colombotoday