Covid 19

ගර්භණී මව්වරුන් 700කට කොවිඩ් | මව්වරුන් 19ක් ජීවිතක්ෂයට

කොවිඩ් ආසාදිත වූ ගර්භණී මව්වරුන් හත්සීයක් දෙනා මේ වන විට රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටින අතර මව්වරුන් දහනව දෙනෙකු මියගොස් ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා සඳහන් කරයි.

මෙසේ මියගොස් ඇති සියලුම ගර්භණී මව්වරුන් කිසියම් සංකූලතාවකින් පෙළුණ අය බවද ඇය වැඩිදුරටත් පෙන්වා දේ.

කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් විවිධ සංකූතාවන්ට ලක්ව දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන මව්වරුන්ගේ සංඛ්‍යාවද දිනෙන් දින ඉහළ යමින් පවතින බැවින් වහාම ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගැනීමට කටයුතු කරන්නැයි ඇය සියලුම ගර්භණී මව්වරුන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

එන්නත සම්බන්ධයෙන් කොතෙක් දැනුවත් කළ ද තවමත් එන්නත ලබාගෙන ඇත්තේ ගර්භණී මව්වරුන් තිස් දහසක් පමණක දෙනා යැයිද ඇය සඳහන් කරයි.

රෝගය පැතිරීම වේගවත් වී ඇති බැවින් මේ මස අවසන් වීමට පෙර සියලුම ගර්භණී මව්වරුන්ව එන්නත්කරණයට ලක් කළ යුතු බැවින් ආසන්න රජයේ රෝහලක් වෙත හෝ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත ගොස් අදාළ එන්නත ලබාගැනීමට කටයුතු කරන්නැයිද ඇය මව්වරුන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

Related posts

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

colombotoday

වවුනියාව, මහකච්චකොඩිය ගම්මානය හුදකලා කරයි

colombotoday

ඉන්දියාවෙන් දිනක් තුළ නව කොරෝනා ආසාදිතයින් 57,704 දෙනෙකු හඳුනා ගැනේ

colombotoday

තවත් තහවුරු කල කොරෝනා මරණ 180ක්

colombotoday

කොරෝනා ආසාදිතයින් ගණන 1717 දක්වා ඉහලට

colombotoday

සියලුම මගී ගුවන් යානා සහ මගී නැව් ශ්‍රී ලංකාවට පැමිණීම තහනම්

colombotoday