Colombo Today Local News

මධ්‍යම කඳුකරයේ ප්‍රධාන මාර්ග කිහිපයකට පස් කඳු කඩා වැටෙයි – රථ වාහන ගමනාගමනය ඇනහිටී

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ගිනිගත්හේන නගරයට ඉහළින් වු පස් කඳු කිහිපයක් ප්‍රධාන මාර්ගයට කඩාවැටී ඇති බව වාර්තාවේ.

ඒ හේතුවෙන් හැටන්-මහනුවර සහ හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනය තාවකාලිකව ඇනහිට ඇති බව නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රන්ජිත් අලහකෝන් මහතා පවසයි.

ගිනිගත්හේන-නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ අඹගමුව ප්‍රදේශයේ ස්ථාන කිහිපයකම ප්‍රධාන මාර්ගයට පස් කඳු කඩාවැටි ඇති බවත් කඩාවැටි ඇති පස් කඳු මාර්ග සංවර්ධන අධිකාරී කාර්යාලයේ නිලධාරින් විසින් ආරම්භකර ඇති බව පොලිසිය කියයි.

හැටන් ඔය පිටාර ගැලීමෙන් වටවල ප්‍රදේශයේ පහත් බිම් ප්‍රදේශවල පිහිටි නිවාස රැසක්ද ජලයෙන් යටවි ඇති බව වටවල පොලීසිය සඳහන් කළේය.

Related posts

බෙංගාල බොක්ක ආශ්‍රිත අඩු පීඩන කලාපය ඉදිරි පැය 24දී පීඩන අවපාතනයක් වෙයි

colombotoday

රු. 800,000 කට අලෙවි වූ අඹ ගෙඩි දෙකක්: යාපනයේ පූජාවක

Admin

අගමැතිනියගේ කැබිනට් පත්‍රිකාව දෙවන වරටත් ප්‍රතික්ෂේපයි

Admin

ලක්ෂ 12ක මත්පෙති සමඟ දෙදෙනෙක් අත්අඩංගුවේ

Admin

‘දානෙ වලදනවාට වඩා යැපුනේ බඩගෝස්තරයෙන්’ ඇමති ෆොන්සේකාගෙන් නැවතත් භික්ෂූන් වහන්සේලාට අවළාද [Video]

colombotoday

අපරාධ කල්ලියේ සාමාජික පුයිටා අත්අඩංගුවට

colombotoday