ඉස්ලාමික රාජ්‍ය ත්රස්තවාදීන් විසින් තරුණියන් 4 දෙනෙකු දූෂණය කර ගල් ගසා මරා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මොසූල් නුවර සිදු වූ මෙහෙයුමකදී අයි එස් අයි එස් ත්‍රස්තවාදී සාමාජිකයන් විසින් මෙම තරුණියන් දූෂණය කර තිබෙන අතර, අනාචාරයේ හැසිරීමේ චෝදනාව මත එම තරුණියන් ඝාතනය කළ බවයි ඔවුන් ප්‍රකාශ කර තිබෙන්නේ.
දූෂණය වූ තරුණියන් ශරියා අධිකරණයක් ඉදිරියට පැමිණවීමෙන් පසු මෙලෙස ප්‍රසිද්ධියේ ගල් ගසා මරා දැමීමට නියෝග කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
විශාල පිරිසක් ඉදිරියේ මෙම තරුණියන් සිව් දෙනා ගල් ගසා මරාදමා ඇතිබව සදහන්.