World

බුදු දහමට නිගරු කළ Arbat චිත්‍රපටය තායි බලධාරීහු තහනම් කරති

arbat

තායිලන්තය ථෙරවාදි බෞද්ධ රටකි. එරට ජනගහනයෙන් 90% ක්‌ බෞද්ධයන් බව රහසක්‌ නොවේ. තායි සංස්‌කෘතිය තුළ බෞද්ධ වත්පිළිවෙත්වලට ලැබෙන්නේ ප්‍රමුඛ තැනකි. 13 වැනි සියවසේදී සුකොතායි රාජධානිය පිහිටුවා එරට රාජ්‍ය ආගම ථෙරවාදි බුදු දහම බවට ප්‍රකාශයට පත්කරන ලදී.

පසුගිය දිනවල තායිලන්තයේ චිත්‍රපටයක්‌ පිළිබඳව දෙස්‌ විදෙස්‌ මාධ්‍යවල අවධානය යොමුවී තිබිණි. අද දින තිරගත කිරීමට නියමිතව තිබූ Arbat චිත්‍රපටය තහනම් කර ඇත්තේ එයින් බුද්ධාගමට අවමානයක්‌ වන බව ප්‍රකාශ කරමිනි. තායි සංස්‌කෘතික අමාත්‍යාංශයට අනුබද්ධව රැඟුම් පාලක මණ්‌ඩලය මෙම චිත්‍රපටය තහනම් කර ඇත. බෞද්ධ භික්‍ෂුවක්‌ මත පදනම් වූ මෙම චිත්‍රපටය සංත්‍රාසය ඇති කරන අද්භූත සිද්ධීන්ද අඩංගුවේ.

මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟන සාමනේර භික්‍ෂුව මත්ද්‍රව්‍ය ගන්නා දර්ශන මෙන්ම පැවිදිවීමෙන් පසුව ප්‍රේමයෙන් බැඳෙනා ගම්බද දැරියක වූ සිය පෙම්වතිය සිපගන්නා දර්ශනද ඇතුළත් වීම නිසා මේ නිර්මාණය මගින් බුද්ධාගමට නිග්‍රහයක්‌ වන බව තායි බලධාරීහු තීරණය කර ඇත.

arbat 2තායි රැඟුම් පාලක මණ්‌ඩලය මෙම චිත්‍රපටය මහා සංඝරත්නය හමුවේ ප්‍රදර්ශනය කර ඔවුනගේ අදහස්‌ද ලබාගෙන තිබේ. ඒ අනුව අර්බට්‌ චිත්‍රපටය තහනම්කර ඇත.

මෙම චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කර ඇත්තේ කතින්තා ක්‌වුන්යු විසිනි.

තායි සංස්‌කෘතික අමාත්‍යාංශය මෙම චිත්‍රපටය තහනම් කිරීම පිළිබඳව ප්‍රධාන හේතු හතරක්‌ ප්‍රකාශයට පත්කර තිබේ. ඒවා නම් මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයවන සාමනේර භික්‍ෂුව ප්‍රචණ්‌ඩකාරි ලෙස හැසිරීම, භික්‍ෂුවගේ ලිංගික හැසිරීම් පෙන්වන දර්ශනය ඇතුළත්වීම, මත්ද්‍රව්‍ය භාවිතය මෙන්ම බුදුරුවට නිග්‍රහ වන ආකාරයේ දර්ශන ඇතුළත්වීම නිසා මෙම චිත්‍රපටය තහනම් කර ඇතැයි එරට රැඟුම් පාලක මණ්‌ඩලය කියයි.

2006 වසරේදී ද ආපිචට්‌පොන්ග් වීරසේතකුල් චිත්‍රපටය තහනම් කරනු ලැබුවේ බෞද්ධ භික්‍ෂුවක්‌ ගීත වාදනය කරන අයුරු. මත්පැන් පානය කරන අයුරු මෙන්ම කාන්තාවක්‌ සිපගන්නා අයුරු දැක්‌වෙන දර්ශන එම චිත්‍රපටයේ අඩංගුවී තිබුණු නිසාය.

කෙසේ නමුත් තායිලන්තයේ ප්‍රමුඛපෙළේ භික්‍ෂුන් වහන්සේලා මෙම චිත්‍රපටය තහනම් කිරීම ගැන ප්‍රශ්නකර ඇත. ප්‍රා මහා පයිවාන් හිමියන් පවසන්නේ මෙම චිත්‍රපටයෙන් බුදුන්ට හෝ බුදු දහමට අවමානයක්‌ නොවන බවයි.

මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන සාමනේර භික්‍ෂුවත් ඔහු සමඟ මිත්‍රවන ගම්බද දැරියත් මුහුණ දෙන අද්භූත සිද්ධීන් නිසා මේ නිර්මාණය සංත්‍රාසය දවනවන බව බැංකොක්‌ පෝස්‌ට්‌ පුවත්පත කියයි.

කවරක්‌ නමුත් තායි බලධාරීහු බුද්ධාගම ආරක්‍ෂා විය යුතු නිසා අර්බට්‌ තහනම් කර ඇත.

චතුර පමුණුව

Related posts

ඉරාන විදේශ අමාත්‍ය මෙරට සංචාරයක

Admin

කියුබාවට ජීවය දුන් ෆිදෙල් කස්ත්‍රෝ දිවියෙන් සමුගනී

colombotoday

අමෙරිකාවේ එක් දිනක් තුළ කොවිඩ් ආසාදිතයින් 60,000ක්

colombotoday

කොවිඩ් එන්නත ලබා ගත් පසු ඔබෙත් ඔසප් චක්‍රයේ වෙනසක් උනාද? නව අධ්‍යයන කිහිපයකින් තහවුරු වූ දේ මෙන්න

colombotoday

ලුසියානා හි ප්‍රසිද්ධ හොල්මන් නිවසේ කථාව !

colombotoday

ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර භූ චලනයක්

colombotoday