Colombo Today Local News

දේවාලයක පඬුරු පෙට්ටියට විද්ද හොරාට කපුවා ත්‍රිශූලයෙන් අනී

දෙල්ගොඩ, දරණගම ප්‍රදේශයේ දේවාලයක පඬුරු පෙට්ටිය සොරාගැනීම සම්බන්ධයෙන් එහි සේවාවන් ලබාගැනීම සඳහා පැමිණි පුද්ගලයකුට දෙවොලේ කපු මහතා විසින් ත්‍රිශූලයකින් ඇන තුවාල සිදුකර ඇතැයි මීගහවත්ත පොලිසිය පවසයි.

කැලණිය වනවාසල සහ ගණේමුල්ල ප්‍රදේශවල පදිංචි අවුරුදු 19 -24 අතර වයසැති තරුණයන් හතරදෙනකු පසුගිය දා ත්‍රිරෝද රථයකින් මෙම දේවාලයට පැමිණ ඇත.

පසුව එක් තරුණයකු දේවාලයට ගොස් කපු මහතා පෙනෙන්නට නොමැති බැවින් එහි තිබූ පඬුරු පෙට්ටිය සොරාගෙන ඇති බව පොලිසිය කීවේය.

දේවාලයේ ඇතුළත සිටි කපු මහතා මේ බව සී.සී.ටී.වී කැමරාවෙන් දැක පඬුරු පෙට්ටිය සොරාගත් තරුණයා සමග පොරබදා ඔහුට දේවාලයේ තිබූ ත්‍රිශූලයකින් ඇන ඇති අතර, ඒ අවස්ථාවේදීම කපුමහතා විසින් මේ පිළිබඳ මීගහවත්ත පොලිසියට දැනුම් දී ඇත.

පසුව පොලිසිය පැමිණ පඬුරු පෙට්ටිය සොරාගත් තරුණයා හා ත්‍රිරෝද රථයෙන් පැමිණි සෙසු පිරිස ද සොරකම් කිරීමට සහාය වීම කලහකාරීව හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මහර මහෙස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

Related posts

ඇලෝසියස්ගේ පර්පෙචුවල් ව්‍යාපාර සමූහයේ බැංකු ගිණුම් 28ක් අත්හිටුවයි

colombotoday

නිරෝධායන රීතී උල්ලංඝනය කල පිරිසක් සමඟ වාහන 25ක් අත්අඩංගුවට

colombotoday

අද තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශ කණ්ඩායමට

Admin

මත්පැන් අලෙවිය නතර කිරීමට පියවර ගන්නැයි වෛද්‍ය සංගමය මුදල් ඇමතිගෙන් ඉල්ලයි

colombotoday

අද ඩොලරයේ මිල

colombotoday

අන්‍ය ආගමික ස්ථානවලට පහර දෙන්නන්ට එරෙහිව දැඩි පියවර ගන්න, අගමැතිගෙන් උපදෙස්

colombotoday