නැගෙනහිර මහ ඇමති නසීර් අහමඞ් මහතා විසින් සාම්පූර් නාවික හමුදා කඳවුරේ ප්රධාන නිළධාරියට ප්රසිද්ධියේ බැණ වැදීම ගැන කිසිදු පැමිණිල්ලක් මෙතෙක් ලැබී නැතැයි ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසයි.
කෙසේ වෙතත් මේ සම්බන්දයෙන් තමන් නාවික හමුදාපතිවරයාගෙන් වාර්තාවක් ඉල්ලා ඇති බවද ආරක්ෂක ලේකම්වරයා සඳහන් කරයි.