Colombo Today Local News

ජනතාවට නැති සහන ඉන්දියානු සමාගම්වලට දීලා… මේ ආණ්ඩුව ඉන්දියාව වෙනුවෙන් වැඩ කරන ආණ්ඩුවක්

tilvin silva 4545

මහින්ද රාජපක්ෂ යුගයේ ඛණිජතෙල් වලින් විශාල මුදලක් ගසාකන බව පවසමින් චම්පික රණවක ඇතුළු පිරිස සියළු බදු ඉවත්කරන බව මුලින් පවසා පසුව මිළ සූත්‍රයක් ගෙන එනබව පැවසුවත් ඒ කිසිවක් ඉටුනොකට මහින්ද යුගය මෙන් දෙගුණයක් ගසාකන ගමන් ඉන්දියන් සමාගමටද අධික ලාභයක් ලැබීමට ඉඩ සලස්වා ඇති අයුරු ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා හෙළිකරයි.

ලෝක වෙළඳපොළේ තෙල් මිල විශාල ලෙස පහත වැටී තිබියදී ආණ්ඩුව කළුකඩකාරයෙක් වගේ ලාභ ලබමින් සිටිනා බවත්, ඔළුව හංගාගෙන කට වසාගෙන නොසිට තෙල් මිල සම්බන්ධයෙන් ස්ථාවරය ආණ්ඩුව වහා රටට හෙළි කළ යුතුව ඇති බවත් ටිල්වින් සිල්වා මහතා එහිදි පැවසීය.

ලෝක වෙළදපොලේ තෙල් මිල අඩු වීම සහ ආණ්ඩුවේ මිල සූත්‍රය පිළිබදව වැඩි දුරටත් අදහස් දැක්වූ ජවිපේ ලේකම්වරයා ජනතාවට සහන නොදී එම සහනය ඉන්දියානු සමාගම්වලට ලබා දීම පිළිබදවද අදහස් දැක්වීය.

ආණ්ඩුව වගේම ඉන්දියානු අයි. ඕ.සී. සමාගමත් මිල අඩු නොකිරිම නිසා මේ වනවිට විශාල ලාභයක් ලබනවා. මේ ආණ්ඩුව ඉන්දියානු සමාගම ලබාගන්නා අමතර ලාභයෙන් බද්දක්වත් අයකර ගන්නේ නැහැ. ජනතාවට සහන ලබා දෙනවා වෙනුවට ඉන්දියානු සමාගම්වලට සහන ලබාදෙමින් ඉන්නවා. මේ ආණ්ඩුව ඉන්දියාව වෙනුවෙන් වැඩ කරන ආණ්ඩුවක්. යාපනයේ ධීවර ජනතාවගේ ප‍්‍රශ්නය ගැන අවධානයක් යොමු කරන්නේ නැහැ. එමනිසා අපේ රටේ මාළු ටික ඉන්දියාව අල්ලගෙන යනවා. ඉන්දු ලංකා වෙළඳ හා තාක්‍ෂණ ගිවිසුම් හරහා තව තවත් ඉන්දියාවට වාසි ලබාදෙන්න යනවා. ඒ නිසා මේ ආණ්ඩුව අනුගමනය කරමින් තිබෙන්නේ ජනතා විරෝධී ප‍්‍රතිපත්තියක්.

Related posts

එජාප-ශ්‍රීලනිප ගැටුම සංවර්ධන කමිටුවේත් ඇවිලෙයි.. වරකාපොළ සම සභාපති මේසය උඩ නගී

colombotoday

හෙරොයින් ජාවාරමේ යෙදුණු මොහොමඩ් නිසාම්ට කොළඹ මහාධීකරණයෙන් මරණීය දණ්ඩනය

colombotoday

“OMP ළගදීම වැඩ අරඹනවා.. වැරදි කළ හමුදා නිලධාරින්ට දඩුවම් දෙනවා“ – චන්ද්‍රිකා

colombotoday

උසස් අධ්‍යාපන පාඨමාලා හැදෑරීමට ණය යෝජනා ක්‍රමයක්

Admin

බසයක් ලොරි‍යක ගැටී 15ක් රෝහලට… කතක් මිය යයි

Admin

සජබයට සහාය දුන්නොත් රනිල්ට තනතුරක්

Admin