BusinessColombo Today Local News

ඉන්දීය IT වෘත්තිකයින්ට ඇමරිකාව වැට බඳියි!

indian it 2655 තෝරා ගත් වෘත්තීන් සඳහා වන රැකියා වීසා ගාස්තුව දෙගුණ කිරීමට ඇමරිකා එක්සත් ජනපදය තීරණය කර තිබේ. මේ අනුව රැකියා සඳහා නිකුත් කරනු ලබන H1-B හා L-1 වීසා කාණ්ඩ සඳහා මෙලෙසින් ගාස්තු ඉහළ නැංවීමට කොංග්‍රසය පියවර ගෙන ඇත.

H1-B හා L-1 යනු විශේෂ වෘත්තිකයින් සඳහා වසර 6 ක් වැනි උපරිම කාලයකට යටත්ව පිරිනමනු ලබන විශේෂ වීසා කාණ්ඩයකි. මෙහිදී අදාළ වෘත්තිකයා බඳවා ගන්නා ආයතනය විසින් තෝරා ගත් කාල පරාසයකට අනුව සිදුකරන ලබන ඉල්ලීම් ප්‍රකාරව මෙම වීසා නිකුත් කරනු ලැබේ.

සේවකයින් 50කට වැඩි සේවාස්ථාන සහ සේවකයින්ගෙන් 50% කට වැඩි පිරිසක් විදේශිකයින් ලෙසින් සඳහන් ආයතන මෙම වීසා ගාස්තු ඉහළ දැමීමට යටත් වන බව මෙහිදී නිවේදනය කර තිබේ. එබැවින් බහුලව ඉන්දීය තොරතුරු තාක්ෂණ ශිල්පීන් සේවය කරනු ලබන සමාගම්වලට මින් දැඩි බලපෑමක් එල්ල වන බව සඳහන් වේ.

එක්සත් ජනපද කොංග්‍රසය විසින් සති කිහිපයකට පෙර මෙම වීසා ගාස්තු ඉහළ නැංවීමේ තීරණය ගනු ලැබූ අතර එහිදී H1B කාණ්ඩය සඳහා ඩොලර් 4,000 ක්ද, L-1 කාණ්ඩය සඳහා ඩොලර් 4,500 ක්ද වශයෙන් වීසා ගාස්තු වැඩිකර ඇත. මේ සම්බන්ධයෙන් බලපෑමට ලක්වන සමාගම් පවසන්නේ, මෙම පිරිවැය දැරීමට සමාගම්වලට සිදුවීම තුළින් සිය ලාභදායීත්වයට දැඩි බලපෑමක් සිදුවන බවයි.

H1-B හා L-1 වීසා යටතේ විශාල සේවක පිරිස් සේවය කරනු ලබන TCS, Infosys, හා Wipro වැනි සමාගම්වලට මෙම තීරණයෙන් දැඩි බලපෑමක් එල්ලවිය හැකි බව වාර්තා වේ. 2016 අප්‍රෙල් 01 වැනි දා සිට මෙම නව නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

AdaderanaBiz

Related posts

ලෝක ආර්ථික සමුළුව අද ඩාවෝස් නුවරදී

Admin

රෝසි සේනානායක පළාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක තනතුරට

Admin

අනුර කියන්නේ මහ පොළොවේ පැලවෙලා සෙවන දෙන මහ වෘක්ෂයක්

Admin

ජනපති අගමැති සහ විපක්ෂ නායකගෙන් නත්තලට සුබ පැතුම්

colombotoday

භාෂිලාගේ වල්ගයේ එල්ලී මහද්වීප ජයගන්නට යන විකල්ප ගෝත්‍ර ඇඹිටිල්ලෝ

colombotoday

ඇමතිකමකට රට ජාතිය පාවා දුන්න පා.ච.ගේ තුන් හිතකවත් ලැජ්ජාවක් නෑ.. මධුමාධව අමු සිංහලෙන්ම කියයි

colombotoday