Colombo Today Local News

විදෙස්ගතව සිට පැමිණෙන සියලු පුද්ගලයින් දින 14ක් නිරෝධායන වීම අනිවාර්යයි

විදෙස්ගතව සිට මෙරට පැමිණෙන පුද්ගලයින් සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.

වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඊයේ (11) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි එම මාර්ගෝපදේශ මාලාව නිකුත් කර ඇති බව කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය සඳහන් කළේය.

ඒ අනුව විදෙස් ගතව සිට මෙරටට පැමිණෙන සියලු පුද්ගලයින් දින 14ක නිරෝධායන කාලසීමාවක් අනිවාර්ය කර තිබේ.

එම නිවේදනයේ සඳහන් විශේෂ කරුණු කිහිපයක්:

* වයස අවුරුදු 2ට අඩු ළමුන්ට PCR පරීක්ෂණ සිදුකරනු නොලැබේ.
* ගුවන් තොටුපොළට පැමිණීමෙන් පසුව අවුරුදු 12 සහ ඊට වැඩි ළමුන් PCR පරීක්ෂණ සඳහා භාජනය විය යුතුය.
* වයස අවුරුදු 2 සහ ඊට වැඩි සියලුදෙනා පැමිණි දිනයේ සහ සහ දින 11ත් 14ත් අතර දෙවැනි PCR පරීක්ෂණයකට භාජනය විය යුතුය.
*පළමු සහ දෙවැනි PCR පරීක්ෂණ ප්‍රතිඵල යහපත් නම් විදෙස්ගතව පැමිණි සියලුදෙනාට දින 14 පසුව නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව යා හැකිය.
 * නමුත් යම් අයෙක් ආසාදිත පුද්ගලයෙක් ගේ පළමුපෙළ ආශ්‍රිතයෙක් ලෙස හඳුනාගතහොත් ඔහුගේ/ඇයගේ නිරෝධායන කාලය දීර්ඝ වේ.

Related posts

අලුත් සිපෙට්කෝ සභාපති වැටුප දෙගුණ කරගෙන?

Admin

රටම නොමග යැවූ අගමැති, ජනතාවගෙන් සමාව ගත යුතුයි (Video)

colombotoday

අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට ජනපති එකඟ වෙයි – ත්‍රෛනිකායික මහානාහිමිවරුන්ට ලිපියක්

colombotoday

“කැප්පෙටිපොළ මහ නිළමේ ඇතුළු විරුවන් රාජද්‍රෝහී ලයිස්තුවෙන් ඉවතට !

colombotoday

පාරිභෝගික අධිකාරියේ සභාපති දූෂණ වහගන්න පාරිභෝගික සමිති දඩයමේ !

colombotoday

ගංජා ඖෂධයක් නොවෙයි, මත්ද්‍රව්‍යයක්. | තහනම දිගටම තියන්න | විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර.

colombotoday