රට සහ රණවිරුවන් වෙනුවෙන් ජාත්‍යන්තරයේ පෙනී සිටීම සදහා දෙමළ ඊළාම් ඩයස්පොරාවට වඩා ශක්තිමත්ව සිංහල ඩයස්පොරාවක් දැන් බිහිවී තිබෙන බව පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් පවසනවා.
උන් වහන්සේ මේ බව පැවසූවේ “රණවිරු දඩයම නවතනු“ යනුවෙන් දියත් කළ අත්සන් දස ලක්ෂයේ පෙත්සම අත්සන් කිරීමේ සමාරම්භක අවස්ථාව එක්වෙමිනි.
“ගෝලීය ශ්‍රී ලාංකික සංසදය“ වැනි රටේ ඒකීය භාවය වෙනුවෙන් පෙනී සිටින සංවිධාන ජාතික ව්‍යාපාරයට මහත් ශක්තියක් බවත්, එම සංසදය සමග අත්වැල් බැදගන්නා ලෙස ලෝකය පුරා විසිරී සිටින රටට හිතැති සියළු ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කරන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ එහිදී පැවසූවා.
ඡායාරූප – Lankaleadnews