7 April 2025
Colombo Today Local News

“සාරියට මුවා වෙලා ජනතා හඩ යටපත් කරන්න ආණ්ඩුවට ඉඩ දෙන්න බෑ“ – ඒකාබද්ධ විපක්ෂය

joint opposition 121

ඊයේ පාර්ලිමේන්තුවේදී ඇති වූ උණුසුම්කාරි තත්වයට හේතුව පැහැදිළි කරමින් ඒකාබද්ධ විපක්ෂය විසින් ඊයේ සවස මාධ්‍ය හමුවක් කැදවා තිබුණා.

දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල, ඩලස් අලහප්පෙරුම ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් ඊට එක්ව සිටියා. එහිදී අදහස් දක්වමින් “ආණ්ඩු පාර්ශවයෙන් එල්ල වන පීඩනය නිසා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ වෙනම කණ්ඩායමක් ලෙස පිළිගන්නවාද නැද්ද යන පිළිබඳ ස්ථීර තීරණයක් දීමට කතානායකවරයා අපොහොසත්ව ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවසූවා.

‘‘පාර්ලිමේන්තුවේ අද පනතක් සම්මත වුණා. අපි අහනවා ඒක කොහොමද සම්මත වුණේ කියා. පාර්ලිමේන්තුවේ දී පනතක් සම්මත වෙනවා නම්, සියලූ මන්ත්‍රීවරුන් අසුන්වල සිටිය යුතුයි. එහෙත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් කොටසක් සභාගර්භයට පැමිණ සිටියදී කොහොමද පනතක් සම්මත වෙන්නේ. ආණ්ඩුවේ හා විපක්ෂයේ මන්ත්‍රීවරු ආසනවල සිටිය යුතුයි. ඊට පසු ඡන්ද විමසීමක් කරනවා. එහෙම තමා ස්ථාවර නියෝගවල තියෙන්නේ.

අර්බුදකාරී තත්ත්වයක් ඇති වුණාම මීට පෙර කතානායකවරු කටයුතු කළේ කොහොමද? එහෙම අවස්ථාවකදී සභාව කල් තබලා, පක්ෂයන් නායකයන් කැඳවා විසඳුමක් අරගෙන තමයි නැවත පාර්ලිමේන්තුව ආරම්භ කරන්නේ. චමල් රාජපක්ෂ, වි.ජ.මු ලොකුබණ්ඩාර, අනුර බණ්ඩාරනායක වැනි කතානායකවරු කොහොමද කටයුතු කළේ. හිතුවක්කාරී ලෙස පනත්, නීති සම්මත කරන්නේ මේක හන්දියේ මාළු කඩේ නෙමෙයි.

අපි මැතිවරණ නීතියට සහයෝගය ලබාදෙන්නයි හිටියේ. අපි ආණ්ඩුවටත් එය දැනුම් දී තිබුණා. නව ක්‍රමයට පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය මහින්ද රාජපක්ෂ රජයේ ආරම්භ කරපු දෙයක් අලූත් ඡන්ද ක්‍රමය. ඒ සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුව කියෙව්වේ අද. එහි වෙනස්කම් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරලා තිබුණා. අද දහවල් එය කියවන විට, පාර්ලිමේන්තුවේ මන්තී්‍රවරුන්වත් එය දන්නේ නැහැ. ‘‘

එහිදී අනෙකුත් මන්ත්‍රීවරුන් දැක්වූ අදහස් පහතින්

Related posts

නිවසක් මතට පස් කන්දක් කඩා වැටී තිදරු මවක් මිය යයි

colombotoday

අයථා ලෙස කෝටි ගණනින් මුදල් ඉපැයූ රාජ්‍ය නිලධාරීන් 18ක්

colombotoday

අගමැති ප්‍රධානත්වයෙන් යුත් ආර්ථීක කලමනාකරණ කමිටුව අහෝසි කරන්න ජනාධිපති නියෝග කරයි

colombotoday

හදවතට හදවතක් ජාත්‍යන්තරයෙන් ශ්‍රී ලංකාවට ඖෂධ

Admin

ඉදිරියේ දී රෝගී තත්ත්ව ව්‍යාප්ත වීම මත රට යලිත් Lockdown කරන්න වෙයි -වසංගත රෝග විද්‍යාං අංශ ප‍්‍රධානී

colombotoday

කනේ පහර සංහිදියා නාට්‍ය සී.ඩී. තැටි සංවිධානාත්මක අපරාධ කොට්ඨාශයට

colombotoday