යුද සමයේ දී උතුරේ අවතැන් වූ මුස්ලිම් ජනාතාව නැවත පදිංචි කිරීම කඩිනම් කරන ලෙස ඉල්ලමින් “උතුරේ මුස්ලිම් වරුන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සංවිධානය“ ඊයේ කොළඹ මෙරට එක්සත් ජාතීන්ගේ නේවාසික කාර්යයාල මූලස්ථානය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරත විය.
සිය ඉල්ලීම් සඳහන් සංදේශයක් නියෝජිතයන් මගින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් සෙයිද් අල් හුසේන් මහතාට භාර දුන්නේය.