68 වන ජාතික නිදහස් උළෙල්දී ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායන කිරීම වරදක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
තම භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීම නිසා දෙමළ ජනතාවටද තම මව්බිම පිළිබදව හැගීමක් ඇති වන බව පෙන්වා දෙන ඔහු වැඩිදුරටත් පවසන්නේ ආණ්ඩුව ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීම තුළින් දෙමළ ජනතාවගේ සියලු ප්‍රශ්න විසදන බවට පෙන්වීමට වැරදි සහගත බවද පවසනවා.