Colombo Today Local News

ආඩිඅම්බලමේ “බලු මූණා” අල්ලයි

ආඩිඅම්බලම ප්‍රදේශයම බිය වද්දා ගනිමින් මංකොල්ලකෑම්, පැහැරගැනීම් සිදු කළ “බලු මූණා” කටුනායක පොලීසිය විසින් බලවත් පරිශ්‍රමයක් දරා ඊයේ (29) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

කාලිංග නලීන් මධුසංඛ නොහොත් බලු මූණා ආඩිඅම්බලම , සරණතිස්සගම පදිංචි 26 හැවිරිදි අවිවාහකයෙකි.

මොහු තවත් කල්ලියක් සකස් කර ගෙන ගෙවල් බිදීම්, මංකොල්ලකෑම්, කඩු කිනිසි පෙන්වා මහමඟ ධාවනය වන වාහන පැහැර ගැනීම් සිදු කරමින්, මුළු ප්‍රදේශයම භීතියට පත් කරගෙන සිටින බවට පොලීසියට පැමිණිලි ලැබී ඇත.

මීට අමතරව හෙරොයින් පානය කිරීම පිළිබඳව 54 වගන්තිය යටතේ 06 වරක් මොහු අධිකරණය හමුවේ චෝදනාවට ලක් වී තිබේ.

අත්අඩංගුවට ගැනීමෙන් පසුව මොහු විසින් පැහැර ගත් යතුරු පැදි දෙකක් කොළඹ ප්‍රදේශයට උකස් තබා තිබියදී කටුනායක පොලීසිය විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ.

ආඩිඅම්බලම ප්‍රදේශවාසීන් මොහු අත්අඩංගුවට ගැනීම පිළිබඳව කටුනායක පොලීසියේ නිලධාරීන් හමුවේ සිය බලවත් ප්‍රසාදය පළ කර තිබේ.

මෙම අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු මීගමුව පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාගේ උපදෙස් මත කටුනායක පොලීසියේ ස්ථානාධිපති , ප්‍රධාන පොලිස් පරීක්ෂක බී.කේ.ඒ.ඒ. නිශ්ශංක මහතාගේ අධීක්ෂණය යටතේ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අමිල රත්නායක , උප පොලිස් පරීක්ෂක මොහොමඩ් නිෂ්මි , පොලිස් සැරයන්වරුන් වන 37371 සුනිල් , 50978 සරත් , 13860 සුරිය බණ්ඩාර , පොලිස් කොස්තාපල්වරුන් වන 33249 අනුෂ්ක , 43099 කුමාරසිංහ , 101660 සමරසිංහ සහ 96810 පල්ලෙගෙදර යන නිලධාරී මහත්වරුන් විසින් සිදු කරති.

මොහු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (30)දින ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

සියළුම මුස්ලිම් පක්ෂ එකට එකතුවෙයි.. ඉදිරි මැතිවරණයේදී එකම පෙරමුණකින් එයි !

colombotoday

විදුලි බිල්පත් පිළිබදව ජනපති කරුණු විමසයි

colombotoday

කොණ්ඩයාගේ අයියාගේ DNA සැසඳෙයි.

colombotoday

අනුරට සුමන්තිරන්ගෙන් විරෝධයක්!

Admin

මැදවච්චියේ හෝටල් හිමිකරුවෙක් විදේශක කාන්තාවන් රවටා කෝටි ගණනක මුදල් අරන්. එක් කාන්තාවක් අතුරුදහන්.

colombotoday

වෙඩි උණ්ඩ වලට මුහුණ දෙමින් ජාතිවාදයට හා ආගම්වාදයට එරෙහි සටන ඉදිරියට කරනවා

colombotoday