Colombo Today Local News

ප්‍රා සභාපති බට වලට විදින්න පටවද්දී මාට්ටු

බෙලිඅත්ත මාහීල්ල පැරකුම් ප්‍රජා ජල සංචිතයට අයත් ජල නළ තොගයක් ලොරි රථයකින් මහ රෑ රැගෙන යාමට උත්සහ කළ බව කියන බෙලිඅත්ත ප්‍රාදේශීය සභා සභාපතිවරයා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

එම ජල ව්‍යාපෘතියේ සභාපතිවරයා බව කියන ප්‍රාදේශීය සභා සභාපතිවරයා ඉදිකරමින් පවතින එම ජල සංචිතයට අයත් බට කෑලිවලට කපා වාරියපොළ ප්‍රදේශයේ ලොරි රථයකට පටවමින් සිටියදී ප්‍රදේශවාසීන්ට ලැබුණු තොරතුරක් මත පොලිසිය දැනුම්වත් කර ඇත. පසුව සැකකාර ප්‍රාදේශීය සභා සභාපතිවරයා අත්අඩංගුව ගෙන ඇත.

මේ බට තොගය ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ සහෝදරයකුගේ නිවෙසට ගොඩ ගසා තිබූ ඒවා බව ද පොලිසිය සඳහන් කරයි.

සැකකරු අද(29)දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

Related posts

මහ බැංකු අධිපති නිකුත් කල අපනයන ඉපැයීම් ගැන ගැසට් නිවේදනය

colombotoday

CCTV : නත්තල් නිවාඩුවට ඥාති නිවසකට පැමිණි තරුණයෙකුට ත්‍රිරෝද රථ රියදුරන් පිරිසක් අමානුෂික ලෙස පහර දෙයි.

colombotoday

තොප්පිගල නිරන්ච්වේලි රක්ෂිතයේ වැලි ජාවාරමක්

colombotoday

ගාලු තරගයේදී ප්‍රේක්ෂකයන්ගෙන් දයාසිරිට විරෝධතා.. පොලිසියෙන් අත්අඩංගුවට ගනී !

colombotoday

ජනපතිගේ බැදුම්කර ප්‍රකාශය මහ ප්‍රෝඩාවක්.. රටම අන්දන්න ලේකම්වරයෙක් ලියූ ප්‍රබන්ධයක් !

colombotoday

ඇමති සජිත්ගේ පොරොන්දු කුණු කුඩේට – නිවාස සංවර්ධන අධිකාරිය වැලිඔය සිංහලයන්ට කෙලී

colombotoday