World

කැස්ස සිරප් පානය කල උස්බෙකිස්තානයේත් ළමුන් 18ක් මිය යයි

කැස්ස සිරප් පානය කිරීමෙන් ළමුන් 18 දෙනෙකු මියගොස් ඇති බව උස්බෙකිස්තාන සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එම ඖෂධ තොගයේ විෂ සහිත ද්‍රව්‍යයක් අඩංගු වී ඇති බව මූලික පරීක්ෂණවලින් පෙනී ගොස් ඇති බවද එම අමාත්‍යාංශය සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

වෛද්‍යවරයාගේ නිර්දේශයකින් තොරව දරුවන්ට මෙම කැස්ස සිරප් ලබා දී ඇති බවත් සම්මත මාත්‍රාව ද ඉක්මවා ලබා දී ඇති බවත් සඳහන් වේ.

ඉන්දීය ඖෂධ නිෂ්පාදකයෙකු විසින් නිෂ්පාදනය කරන ලද කැස්ස සිරප් ළමුන්ට ලබාදීමෙන් මෙම මරණ සිදුවූ බවට සැක පළ කරන බවයි උස්බෙකිස්තාන සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කර සිටින්නේ.

කැස්ස සිරප් ලබා දීමෙන් ළමා මරණ 66ක් සිදුවුවා යැයි සැක පළකරමින් ගැම්බියාවෙන්ද මිට පෙර ඉන්දියානු සමාගමක් වෙත චෝදනා එල්ල කෙරුනි.

පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ගෝලීය අනතුරු ඇඟවීමක්ද මේ සම්බන්ධයෙන් නිකුත් කළේය.

පසුගිය සතියේදී ගැම්බියාවේ පාර්ලිමේන්තු කමිටුවක් සති කිහිපයක විමර්ශනයකින් පසුව ඉන්දියානු ඖෂධ සමාගමට එරෙහිව නඩු පැවරීමට නිර්දේශ කර ඇති අතර සමාගම විසින් සිදුකරන සියලුම නිෂ්පාදන රට තුළ තහනම් කිරීමට ද එම කමිටුව නිර්දේශ කර ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

කෙසේවෙතත් අදාල නිෂ්පාදන සමාගම් මේ සියළු චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

Related posts

රෝගියෙකුගේ වැරදි කකුල කපා වෙන්කළ වෛද්‍යවරියෙකුට දඩ

colombotoday

රුසියාවෙන් 100% සාර්ථක කොවිඩ් එන්නතක්.

colombotoday

ට්‍රම්ප් බයිබලයට අත තබා දිවුරයි.. ඉස්ලාම් අන්තවාදය අතුගා දමන බවට සපථ කරයි !

colombotoday

ජපානයේත් ප්‍රබල භූ කම්පනයක්

Admin

ජනප්‍රිය බොලිවුඩ් ගායක KK මිය යයි

colombotoday

කැනඩාවේ මුස්ලිම් විරෝදී ප්‍රහාර 200%ක වර්ධනයක් – මුස්ලිම් සංවිධාන කියයි

colombotoday