World

ට්‍රම්ප් බයිබලයට අත තබා දිවුරයි.. ඉස්ලාම් අන්තවාදය අතුගා දමන බවට සපථ කරයි !

ඇමෙරිකාවේ 45 වෙනි ජනාධිපතිවරයා වශයෙන් ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප් අගවිනිසුරු ජෝන් රොබට්ස් ඉදිරියේ දිවුරුම් දුන්නේය.
“සුභ පැතුම්, ජනාධිපතිතුමනි,” අගවිනිසුරු රොබට්ස් පැවසීමත් සමග උත්සවය නැරඹීමට රැස්ව සිටි මහජනකාය ප්‍රීති ඝෝෂා නැගූහ.
ඉන් අනතුරුව උත්සවය ඇමතූ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් “වොෂින්ටනයේ සිට මහජනතාව වෙත බලය පවරාදෙන” බවට ප්‍රතිඥා දුන්නේය.

“රැඩිකල් ඉස්ලාමීය ත්‍රස්තවාදයට” එරෙහිව ශිෂ්ඨ සම්පන්න ලෝකය එකමුතු කරන බවට ප්‍රතිඥා දුන් නව ජනාධිපතිවරයා, එය ලෝකයෙන් “අතුගා දමන” බවටද සපථ කළේය.

හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් සහ ඔහුගේ භාර්යාව වන හිලරි ක්ලින්ටන් ඇතුළු හිටපු ජනාධිපතිවරුන් සහ ඔවුන්ගේ භාර්යාවන්ද පදවි ප්‍රාප්ති උත්සවයට සහභාගි වෙමින් සිටිති.

එයට පෙර ඔහුගේ උප ජනාධිපති මයික් පෙන්ස් නව පදවියේ දිවුරුම් දුන්නේය

Related posts

පලස්තීන වැසියන්ට පිටවන්න පැය 4ක් පහර නොදෙන්න ඊශ්‍රායලය එකඟ වෙයි

Admin

කොවිඩ් ප්‍රතිදේහවලින් පාලනය කිරීමට අපහසු නව ප්‍රභේදය

colombotoday

ක්වාලාලම්පූර් නුවරදී මෙට්‍රො දුම්රිය දෙකක් එකිනෙක ගැටෙයි | 213 කට තුවාල

colombotoday

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

colombotoday

දිනක් තුල සිදුවූ වැඩිම කොරෝනා මරණ සංක්‍යාව ඊයේ ඇමරිකාවෙන් වාර්තා වෙයි.

colombotoday

විවාහ උත්සවයකදී ළිඳකට ඇදවැටී 13ක් මරුට

colombotoday