World

ලූලා ද සිල්වා තුන්වන වරටත් බ්‍රසීලය භාරගනී…

බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස ලූලා ද සිල්වා තුන්වන වරටත් දිවුරුම්දී තිබේ.

දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ බ්‍රසීල නව ජනාධිපතිවරයා දිවුරුම්දීමේ උත්සවය පැවති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ලූලා ද සිල්වා නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ප්‍රකාශ කළේ ජනතාව සමඟ එක්ව රට නැවත ගොඩනගන බවයි.

ඉකුත්දා පැවති බ්‍රසීල ජනාධිපතිවරණයෙන් සියයට 50 යි දශම 9 ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් ලූලා ද සිල්වා තුන්වන වරටත් එරට ජනාධිපතිවරයා ලෙස තේරී පත්විය. ඒ, හිටපු ජනාධිපති පේර් බොල්සොනාරෝ පරාජයට පත් කරමින්.

ලූලා ද සිල්වා 2003 – 2010 කාලය තුලදී දෙවරක් බ්‍රසීල ජනාධිපතිධූරය දරා තිබේ. දූෂණ සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ ලූලා ද සිල්වාට බ්‍රසීල අධිකරණයක් මඟින් මීට වසර කිහිපයකට පෙර සිර දඬුවමක්ද නියම කර තිබුණි.

ඔහු පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ පැවති බ්‍රසීල ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ වසර දෙකකට ආසන්න කාලයක් සිර දඬුවම් විදීමෙන් පසුවයි.

Related posts

පකිස්ථානයේ පැවැත්වෙන 20 වැනි සාක් සමුළුවට ඉන්දියාව සඳහා සහභාගී නොවෙයි

colombotoday

ප්‍රංශයේ අධිවේගයට ගුවන් යානයක් කඩා වැටෙයි

Admin

ඊශ්‍රායල සිවිල් වැසියන්ටත් ගිනි අවි ලබා දෙයි

Admin

මිනිසුන්ගෙන් සුනකයින්ට වඳුරු උණ පැතිරෙයි – ආසාදනය වූ පළමු සුරතලා වාර්තාවේ

colombotoday

පාකිස්තානයේ හිටපු ජනපති මුෂාරෆ්ට මරණ දඬුවම

colombotoday

ජර්මනියේ සෞඛ්‍ය ඇමතිටත් කොරෝනා

colombotoday