පළාත් පාලන මැතිවරණය මාර්තු 10 වැනි දාට පෙර පවත්වන බව මැතිවරණ කොමිසම පවසයි.
ඒ සඳහා මූලික කටයුතු මේ වනවිට සම්පාදනය කරමින් පවතින බව එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කරයි.
පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා කැඳවීම සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය ලබන මස 5 වැනි දාට පෙර නිකුත් කරන බව ද ඔහු පවසයි.
සභාපතිවරයා පැවසුවේ, මැතිවරණයෙන් තේරීපත්වන සභිකයින්ගේ නම් මාර්තු 20 වැනි දාට පෙර ගැසට් මගින් ප්රකාශයට පත් කිරීමට ද සැලසුම් කර ඇති බවයි.