අද (28) සිට පැය 02යි විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම දැනුම් දෙයි.
ඒ අනුව අද(28) සිට ලබන 30 වනදා දක්වා මෙම විදුලි කප්පාදුව සිදුවන බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සදහන් කරයි.
ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාපවලට දිවා කාලයේදී පැයක කාලයක් සහ රාත්‍රී කාලයේදී පැය 01යි විනාඩි 20ක කාලයක් ලෙස මෙම විදුලි කප්පාදුව සිදුවනු ඇති.
මේ අතර සියළු ආගමික ස්ථාන සඳහා මාස 3ක් ඇතුලත කිලෝ වොට් 5ක සූර්ය පැනලයක් නොමිලේ ලබාදීමට පියවර ගන්නා බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.
ඉන්දීය ණය පහසුකම යටතේ මෙම සූර්ය පැනල ලබාදීමට නියමිත බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.