Colombo Today Local News

කෝටි ගණන් සහල් වංචා කළ අනුරාධපුර සතොස ගබඩා පාලිකාව රිමාන්ඩ්

අනුරාධපුර සතොස තොග ගබඩාවේ තිබූ රුපියල් හය කෝටි අනූ හත් ලක්ෂයක් පමණ වටිනා නාඩු සහ සම්බා සහල් තොගයක් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයකින් අනතුරුව රහස් පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගත් අනුරාධපුර සතොස තොග ගබඩා කළමනාකාරිණිය ලබන ජනවාරි මස 5 වන දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක ජයසූරිය මහතා නියෝග කර තිබේ.

මෙසේ රිමාන්ඩ් කර ඇත්තේ, අනුරාධපුර සතොස තොග ගබඩාවේ කළමනාකාරිනිය වන හචිනි පවිත්‍රා මධුමාලි ගුණවර්ධන නැමති අයෙකි. ඇය අනුරාධපුර ඇලයාපත්කුව ප්‍රදේශයේ පදිංචිකාරිණියකි.

මෙම සැකකාරියට විදේශ ගතවීම වළකාලමින් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මීට පෙර කටුනායක සහ මත්තල ජාත්‍යංතර ගුවන් තොටුපලවල ආගමන විගමන පාලකවරුන්ට තහනම් නියෝග දෙකක් නිකුත් කරනු ලැබ තිබිණ.

ඇය රහස් පොලිසියේ අත්අඩංගුවට පත් වූයේ ඉන් අනතුරුවයි.

Related posts

ඇගළුම් සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබු බසයක් පෙරළෙයි

colombotoday

ලංවිම ඉංජිනේරු සංගමයේ විරෝධතාවකට බැනර් නොගැසුවාට, ප්‍රෙස් එකේ ලයිට් කපලා

colombotoday

පාර රාජ්‍යක් පිළිබඳ හෙළිදරව්වක්

Admin

රන්ජන්ගේ කොකේන් චෝදනා ඔප්පු කරන්න බෑ – එජාප කමිටුව තීරණය කරයි

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින් 1896ක් දක්වා ඉහළට

colombotoday

ජනපති බංග්ලාදේශයේ.. ගිවිසුම් රැසක් අත්සන් තැබේ !

colombotoday