Colombo Today Local News

නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් අද සිට ම වැසේ

නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අද (දෙසැ. 23)දිනයේ සිට වසා දැමීමට බලධාරීන් තීරණය කර තිබේ.

ඒ අනුව, අදාළ ජනන යන්ත්‍රය වසා දැමීමෙන් අහිමි වන මෙගාවොට් 300ක විදුලි බලය කෙරවලපිටිය දැවිතෙල් බලාගාරයෙන් ලබා ගැනීමට සැලසුම් කර ඇතැයි ප්‍රකාශකයෙක් කියයි.

කෙසේ වෙතත්, මෙසේ නොරොච්චෝල ජනන යන්ත්‍රයක් වසා කෙරවලපිටිය බලාගාරයෙන් විදුලිය සම්පාදනය කර ගැනීමෙන් දිනකට රුපියල් මිලියන 228ක අමතර වියදමක් දැරීමට සිදුවන බව කියයි.

මෙම තීරණයට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ලැබී ඇති බව ද වාර්තා වේ.

Related posts

දෙමළ සන්ධානය මැයි 19 නන්දිකඩාල් යයි

colombotoday

සිංහරාජය ගැන මානව හිමිකම් කොමිසමටත් පැමිණිලි

colombotoday

ජනපති සමග ලන්ඩන් ගිය දූත පිරිස ගැන ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හිමි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා සමාව ඉල්ලයි

colombotoday

අම්පාර, සියඹලාඅණ්ඩුව ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය සීමා වෙයි

Admin

උද්දිකගේ පුරප්පාඩුවට එස්. සී. මුතුකුමාරණ

Admin