Colombo Today Local News

දක්ෂිණ අධිවේගයේ අනතුරකින් 11කට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දෙසට ධාවනය වෙමින් තිබූ බස් රථයක් ලොරි රථයක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 73 වන කිලෝමීටර කනුව අසල අද (23) උදෑසන එම අනතුර සිදුවී තිබේ.

විනෝද චාරිකාවක් යමින් සිටි පිරිසක් ගමන් කරමින් සිටි බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර අනතුරින් තුවාළ ලැබූ පුද්ගලයින් 11 දෙනෙකු මේ වනවිට රෝහල් කිහිපයක් වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

අනතුර හේතුවෙන්, කොළඹ සිට ගාල්ල දෙසට ගමනාගමන කටයුතු සඳහා බාධා එල්ල වී ඇත.

පොලිසිය සඳහන් කර ඇත්තේ, කොළඹ සිට පැමිණෙන වාහන කුරුදුගහ හැතැප්ම අන්තර් හුවමාරුවෙන් පිටවී නැවත බද්දේගම අන්තර් හුවමාරුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට පිවිසිය හැකි බව ය.

Related posts

“අර්ජුණ මහෙන්ද්‍රන් අපට විශ්වාසයි.. නැවතත් මහබැංකු අධිපති ඔහුයි” – ලක්ෂ්මන් කිරිඇල්ල

colombotoday

කළකිරුනු හිරුණිකා ඉල්ලා අස්වෙයි

Admin

අගමැති සමග ඇතැයි කියන ආරවුල ගැන මහ බැංකු අධිපතිගෙන් පණිවුඩයක්

colombotoday

කටුගස්තොට ගින්නකින් තිදෙනෙක් මරුට

colombotoday

ආසාදිතයන් ගණන 611 දක්වා ඉහලට

colombotoday

හෙරොයින් කිලෝ 25ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවේ

Admin