Colombo Today Local News

මහේස්ත්‍රාත්වරියකට බරපතළ වැඩ සහිතව සිර දඬුවමක්

හිටපු මහේස්ත්‍රාත්වරියකට කොළඹ මහාධිකරණය බරපතළ වැඩ සහිත වසර 5 බැගින් සිරදඬුවම් නියම කර තිබේ.

සුරාබදු වැරදි සඳහා අය කරන දඩ මුදල් අඩුවෙන් සටහන් කිරීම තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් පවරා තිබූ නඩු දෙකකට වරදකරු කරමින් අධිකරණය එලෙස දඬුවම් නියම කර ඇත.

මේ වන විට විත්තිකාරිය විදේශගතව ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තා කර ඇති බව රජයේ අධිනීතීඥවරයා අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු අමල් ‍රණරාජා ඇයට වරෙන්තු ද නිකුත් කළේ ය.

ගාල්ල හිටපු මහේස්ත්‍රාත් ඩී.එස්. මෙරෙන්චිආරච්චි නමැති අයට මෙලෙස අධිකරණය මගින් දඬුවම් නියම වී වරෙන්තු නිකුත් කෙරිණි.

ඊට අමතරව විත්තිකාරියට රුපියල් 22,500ක දඩයක් ද මහාධිකරණ විනිසුරුවරයා නියම කළේ ය.

දඩ නොගෙවන්නේ නම්, ලිහිල් වැඩ සහිත සිර දඬුවම් නියම කරන බවට විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කළේ ය.

ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩු දෙකක වත්තිකරුවන්ට නියම කළ රුපියල් 7,500ක දඩය රු.1500 ලෙස හා රුපියල් 5,000ක දඩය රු. 2500 ලෙස වෙනස් කර සටහන් කිරීමෙන් පොදු දේපළ පනත යටතේ වරදක් සිදුකර ඇති බවට විත්තිකාරියට එරෙහිව අධිචෝදනා හතරක් යටතේ නීතිපතිවරයා විසින් 2009 වසරේදී මෙම නඩු දෙක කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කරනු ලැබ තිබිණි.

Related posts

භූ විද්‍යා හා පතල් කාර්යාංශය බලපත්‍ර දීමේදී වූ බරපතළ දූෂණ රැසක තොරතුරු අනාවරණය වෙයි

Admin

14 හැවිරිදි දැරියක් පැහැර ගත් පෙම්වතා සහ තවත් පුද්ගලයෙකු STF අත්අඩංගුවට

colombotoday

අද සිට බස්රථවල ආසන ගණනට මගීන් ප‍්‍රවාහනයට අවසර

colombotoday

සන්ධානය බහුතරය පෙන්වන්න යයි.. නිමල් සිරිපාල අගමැති කර අලුත් ආණ්ඩුවක්…

colombotoday

රාජිත සේනාරත්න මාධ්‍යයට ගෙනා සුදුවෑන් රියදුරන් දෙදෙනා රිමාන්ඩ්

colombotoday

කොවිඩ් ආසාදනයවී ප්‍රතිකාර ලබා නිවෙසට ඒමට සිටි පුද්ගලයෙකු මිය යයි

colombotoday