Colombo Today Local News

දිනේෂ් ශාෆ්ටර් ඝාතනය : දුරකථන හතරක වාර්තා කැඳවයි

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙකු වූ දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව දුරකථන හතරක විශ්ලේෂණ වාර්තා ලබාගෙන අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ(20)දින බොරැල්ල පොලිසියට නියෝග කර ඇත.

මෙම සිද්ධියට අදාළ දුරකථන අංක හතරක විශ්ලේෂණ වාර්තා ලබාගැනීමට අවශ්‍ය බැවින් ඒ සඳහා නියෝගයක් ලබා දෙන ලෙසට බොරැල්ල පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කර තිබේ.

මරණයට පත් වූ දිනේෂ් ශාෆ්ටර් මහතාගේ බිරිඳ සහ ඔහු සේවය නියුතුව සිටි ආයතනයේ සේවකයන් දෙදෙනෙකු ගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව බොරැල්ල පොලිසිය අධිකරණයට දැනුම් දී ඇත.

ඉදිරිපත්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට බොරැල්ල පොලිසියට නියෝග කරමින් නඩුව කල් තබා තිබේ.

Related posts

ශෂ්‍යත්ව විභාගය අහෝසි කරන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්…

colombotoday

මැයි දින කතාව නිසා ෆොන්සේකාට ශ්‍රීලනිප-එජාප දෙපාර්ශවයෙන්ම ලෙඩක් වැටෙයි…

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට තැපෑල වැඩ වර්ජනයක්

Admin

ඇමති රිෂාඩ් පිට පිටම දෙවන වරටත් CID යෙන් කට්ටි පනී !!

colombotoday

මඩකලපුව සියොන් දේවාස්ථානයට එල්ලවූ ප්‍රහාරයේ මරාගෙන මැරෙන බොම්බ කරු මෙන්න

colombotoday

මන්ත්‍රීවරුන් 25කගෙන් ප්‍රකාශ ගන්න සී.සී.ඩීය මැතිසබයට

colombotoday