Colombo Today Local News

ප්‍රමිතියෙන් තොර පොහොර සැපයූ සමාගමක් අසාදු ලේඛනගත කරයි

ගාල්ල දිස්ත්‍රික්කයේ ගොවීන්ට ප්‍රමිතියෙන් තොර කොම්පෝස්ට් පොහොර සැපයූ සමාගමක් වහාම අසාදු ලේඛනගත කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික පොහොර ලේකම් කාර්යාලයට උපදෙස් දී තිබේ.

මෙම සමාගම ගොවීන්ට නිකුත් කර තිබු කොම්පෝස්ට් පොහොරවල 34% කට වඩා තිබී ඇත්තේ වැලි බව සනාථ වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ අනුව අදාළ සමාගමට එරෙහිව නඩු පැවරීමටත්, දැනට එම සමාගම ගොවීන්ට කොම්පෝස්ට් පොහොර අලෙවි කර ඇත්නම්, ඒ සඳහා කිසිදු මුදලක් නොගෙවන ලෙසත් අමාත්‍යවරයා උපදෙස් දුන් බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

මෙවර මහ කන්නයේ දී කාබනික පොහොරවල ප්‍රමිතිය සහතික කිරීම සඳහා සෑම දිස්ත්‍රික්කයකම කමිටු පිහිටුවා ඇති අතර කාබනික පොහොරවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට අවස්ථා තුනකදී පරීක්ෂා කිරීම් සිදු කරන බව ද කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළ අතර කාබනික පොහොර මිල දී ගන්නා ගොවියෙකුට රුපියල් 20,000ක් දක්වා මුදලක් සහනාධාර වශයෙන් රජය ලබා දෙනු ඇති.

මේ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 16,000 කි.

ගොවීන්ට සපයන කාබනික පොහොර ප්‍රමිතියෙන් තොර බවට සනාථ වුවහොත්, කවර සමාගමක් වුවද අසාදු ලේඛනගත කර එම සමාගම්වලට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා ජාතික පොහොර ලේකම් කාර්යාලයට උපදෙස් දී ඇති බව අමාත්‍යාංශය පවසයි.

Related posts

හෙට සිට හුදකළා කරන ප්‍රදේශ සහ හුදකළාව ඉවත් කරන ප්‍රදේශ මෙන්න

colombotoday

අන්තරේට ඇතුලු වෙන්න තහනම් කරපු තැන් මෙන්න

Admin

19ටත් මම සහයෝගය දුන්නේ නැහැ…. විධායක ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කිරීමට මම එකඟ නැහැ.

colombotoday

“ජනමාධ්‍ය ලේකම්ගේ ලිපිය රජයේ එකක් නෙවෙයි.. ඒ ගැන මම දන්නෙත් නෑ” ජනමාධ්‍ය ඇමති

colombotoday

පෝට්‌ සිටිය කියන්නේ සූදු පිටියක්‌. රනිල් වික්‍රමසිංහ කියයි.

colombotoday

තිරිගු පිටි ගැටළුව සම්බන්ධයෙන් මුදල් කමිටුවෙන් විගණකාධිපතිට නියෝගයක්

Admin