Colombo Today Local News

පාසල් 122ක විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුමකින් කුඩු විකුණූ 75ක් අත්අඩංගුවට..

පාසල් ළමුන් ඉලක්ක කර මත්ද්‍රව්‍ය හා මත්පෙති අලෙවිය සම්බන්ධයෙන් බස්නාහිර පළාතේ පාසල් ආශ්‍රිතව සිදු කළ විශේෂ මෙහෙයුමකදී සැකකරුවන් 75 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, බස්නාහිර පළාතේ පාසල් 122ක් ඉලක්ක කරගනිමින් ඊයේ(17) දහවල් 12.00 සිට සවස 3.00 දක්වා කාලය තුළ කළ මෙහෙයුම් වලදී ය.

එහිදී මාවා කිලෝග්‍රෑම් 2 යි ග්‍රැම් 148 ක්, හෙරොයින් ග්‍රෑම් 9 යි මිලි ග්‍රෑම් 375 ක්, අයිස් ග්‍රැම් 01 යි මිලිග්‍රෑම් 522 ක් සහ මත්පෙති 10ක් පොලිසිය භාරයට ගෙන තිබේ.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මෙම මෙහෙයුම ඉදිරියටත් ක්‍රියාත්මකයි.

Related posts

මුහුදේ ගිලී ළමුන් දෙදෙනෙක් අතුරුදන්

colombotoday

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන සාකච්ඡාක්

colombotoday

ජවිපෙ වැලන්ටයින් පෙම් සැණකෙළියේ !!

colombotoday

තාවකාලික වීසා වලින් ඇවිත් ඉන්දීය දොස්තරලා මෙරට වෛද්‍ය සේවයේ

colombotoday

ශ්‍රී පාද රජයේ ඉඩමක කඩ කුළිය ලක්ෂ 10යි… කඩ හිමියන් වන්දනාකරුවන්ව ගසා කයි !

colombotoday

විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස ගැන අධිකරණයෙන් නියෝගයක්

Admin