ලබන වසරේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා නිලවරණ කමිටුවක් පත් කර තිබේ.
විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු මාලනී ගුණරත්න, විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ශිරෝමි පෙරේරා සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන සුනිල් සිරිසේන එහි සාමාජිකයෝ වෙති.
ඊයේ (15)දින ක්‍රිකට් ආයතනයේ පැවති මහ සභා රැස්වීමේදී මෙම කමිටුව පත් කර ඇත.
ක්‍රිකට් ආයතන නිලවරණය ලබන වසරේ මැයි 20 වන දා පැවැත් වීමට නියමිත ය.