World

නත්තලට සටන් විරාම නැහැ.. යුක්‍රේනයේ සාම යෝජනාව රුසියාවෙන් ප්‍රතික්ෂේප කරයි

යුක්‍රේනය ගෙන ආ සාම යෝජනාව රුසියාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

එමෙන්ම නත්තල් සමයේ සටන් විරාමයක් නොමැති බවද රුසියාව පවසා තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මේ අතර පවතින තත්ත්වය මත 2022 දී සටනේ අවසානයක් දැකීමට අපහසු බව එක්සත් ජනපදය පවසා තිබේ.

යුක්‍රේනයේ මාස 10කට ආසන්න කාලයක් පවතින යුද ගැටුම්වලට නත්තල් සමයේදී සටන් විරාමයක් අවශ්‍ය බවට කළ ඉල්ලීමයි රුසියාවෙන් ප්‍රතික්ෂේප කර තිබේ.

සති කිහිපයකින් පසු යළිත් යුක්‍රේනයේ අගනුවරට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයත් සමග සටන් නැවතත් ඇරඹි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියාවෙන් යුක්‍රේනයේ පරිපාලන ගොඩනැගිලි දෙකකට ප්‍රහාර එල්ල කර ඇති අතර යුක්‍රේන ජනපති Volodymyr Zelenskiy සඳහන් කරන්නේ යුක්‍රේන ගුවන් ආරක්ෂකයින් විසින් ප්‍රහාරය මැඩ පැවැත්වූ බවයි.

එමෙන්ම ඩ්‍රෝන යානා 13ක් බිම හෙළා ඇති බවත් සඳහන් කර සිටි.

Related posts

ඉන්දියාව නවතම බැලස්ටික් මිසයිලය සාර්ථකව අත්හදා බලයි

colombotoday

10 හැවිරිදි එමාගේ විවාහ සිහිනය මිය යන්න පෙර හැබෑ වෙයි

Admin

සටන් විරාමය මධ්‍යයේ ඊලොන් මස්ක් ඊශ්‍රායලයට

Admin

Video – මිසයිල 26ක්, යුද නැව් 4කින් ISIS ඉලක්ක 11ක් සොයා 1500kmක් දුර ඉගිල යයි

colombotoday

2023 නොබෙල් සාම ත්‍යාගය නර්ගීස් මොහොමාඩීට

Admin

රුසියාව ස්පුට්නික් V ලබාදීම අරඹයි

colombotoday