ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ නායකයා ලෙස සැලකෙන අබු බකර් අල් බග්දාදි නමැත්තා මියගොස් ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
සිරියාවේ රක්ඛා නගරයට එල්ලකරන ලද ඇමරිකානු ගුවන් ප්‍රහාරයකට මැදිව ඔහු මියගිගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ඉරාකයේ සමාරා නගරයේදී 1971 වසරේ උපන් මොහු බැග්ඩෑඩ් සරසවියේ උපාධිධාරියෙකුද වනවා. අයි.එස්.අයි.එස් සංවිධානය ඇරඹීමට පෙර අල් කයිදා ඇතුළු ඉස්ලාමීය ත්‍රස්ත සංවිධාන කිහිපයක ඔහු කටයුතු කර තිබෙනවා.