Health & LifestyleWorld

අඹුසැමි ඇසුරටත් ‘සීකා‘ හරහට හිටී ! මානව ශිෂ්ඨාචාරයේ පැවැත්ම අනතුරක

මිනිස් ශිෂ්ඨාචාරයේ පැවැත්මට පවා තර්ජනයක් විය හැකි මට්ටමට පත්ව ඇති සිකා වෛරසය මදුරුවකුගෙන් පැතිර යන්නේ යැයි විශ්වාස කළ ද එය ලිංගික එක්වීමෙන් ද පැතිර යන බව ඇමෙරිකානු රෝග පාලන ආයතනය පවසයි.

ඔවුන් මේ බව තහවුරු කරගෙන ඇත්තේ සිකා වෛරසය ශරීරගත වූ රෝගියකු ටෙක්සාස් ප්‍රාන්තයෙන් වාර්තා වීමත් සමගිනි. මේ කාන්තාව වෛරසය පැතිර ඇති කිසිදු රටක සංචාරය කර නොමැති අතර ඇගේ සැමියා වෙනිසියුලාවේ සංචාරයක නිරතවූ බව ඇමෙරිකා රෝග පාලන ආයතන තහවුරු කරගෙන ඇත. මදුරුවකුගෙන් පැතිර යන බව සොයාගත් මේ වෛරසය ගැබිණි මවකගේ සිරුරට ඇතුළු වුවහොත් ඇය බිහිකරන දරුවාගේ මොළය වර්ධනය වන්නේ අඩුවෙනි. එවැනි දරුවකුගේ හිස්කබල ද සාපේක්ෂව කුඩා වෙයි.

මේ වන විට රෝගය අමෙරිකාව තුළ ද පැතිර යමින් පවතින අතර ලෝක සෞඛ්‍ය සංවිධානය සිකා වෛරසය හේතුවෙන් මහජන සෞඛ්‍ය පිළිබඳ ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේ ය.

ඕස්ට්‍රේලියාවෙන් ද සිකා වෛරසය ආසාදනය වූ දෙදෙනකු වාර්තා වී ඇති අතර ඔවුන් කැරිබියන් දූපත්හි සංචාරයක නිරතව පැමිණි අය බව හෙළි වී ඇත. මේ වෛරසය මුලින්ම පැතිර ගිය බ්‍ර‍සීලය දැඩි අවදානම් තත්ත්වයකට පත්ව ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ මේ වනවිට තවත් රටවල් 20ට රෝගය පැතිරගොස් ඇති බවයි.

ඇමෙරිකානු රෝග පාලන ආයතනය පවසන පරිදි මේ වෛරසය ලිංගික සංසර්ගයෙන් ද පැතිර යන්නේ නම් එය තවත් වේගයෙන් පැතිරයනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවයි.

Related posts

ISIS ප්‍රධාන අලුගෝසුවා “ජිහාඩ් ජෝන්” ‍ඩ්‍රෝන් ප්‍රහාරයකින් එළොව යයි

colombotoday

“දෙයියන්ගෙ නාමයෙන් දැන්වත් ගෙදර පලයන් මිනිහෝ ” කැමරන් විපක්ෂ නායකයාට කියයි!

colombotoday

හමාස් සංවිධානය භාවිත කළ තවත් උමං ජාලයක් සොයා ගනී

Admin

UN සම්බාධකවලට එරෙහිව උතුරු කොරියාවෙන් මිසයිල ප්‍රහාරයක්

colombotoday

කම්කරුවන් පිරිසක් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් වෙඩි තබා ඝාතනය කරයි.

colombotoday

රජයට එරෙහිව ඊශ්‍රායලයේ විරෝධතා ආරම්භ කරයි

colombotoday